දිස්ත්‍රික්ක 5ක් ග්‍රාම සේවා වසම් නමයක් මේ මොහොතේ සිට හුදකලා කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ විල්ලෝරාවත්ත ගම් නිලධාරී වසම, කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම මෙලෙස හුුදකලා කර ඇති බවයි.
එමෙන්ම ගම්පහ දිස්ත්රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ ඇල්දෙණිය පල්ලිය පටුමග සහ රණවිරු ධර්මසිරි මාවත යන ග්‍රාම නිලධාරී වසම් හුුදකලා කර තිබෙනවා.
ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රදේශයේ ගඟ රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පොතුපිටිය කලවාන පොලිස් පද ප්‍රදේශයේ හපුගොඩ යන ග්‍රාම නිලධාරි වසම් ද මේ මොහොතේ සිට හුදකලා කර තිබෙනවා.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් නොවුඩ්පොලිස් බල ප්‍රදේශයේ ඉන්ජස්ටිර සහ හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝඩයිස් වත්ත ග්‍රාම නිලධාරී වසම් ද හුදකලා කර ඇති බව හමුදාපතිවරයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...