දේශීය පුවත්

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් මෙරටට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන ,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය .

මෙම එන්නත් ප්‍රමාණය ලැබෙන්නේ එම එන්නත් සැපයුම් වැඩපිළිවෙළේ පළමු අදියර යටතේ යයිද හා රාජ්‍ය ඇමැතිවරයා කීය.

ස්පුට්නික් එන්නත් මාත්‍රා 15000 මෙරට අවුරුදු 60ට අඩු පුද්ගලයන්ට ලබා දීමට අපේක්ෂා කෙරේ.

රුසියාවෙන් ගෙන්වනු ලබන ස්පුට්නික් v එන්නත විදුලි බල සේවකයන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල සේවකයන්ට ප්‍රමුඛතාව මත ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ස්පුට්නික් පහ එන්නද විදුලිබල සේවකයන්ට ප්‍රමුඛතාව මත ලබා දෙන ලෙසට විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම මහතාවිසින් කරන ලද ඉල්ලී මක් සැලකිල්ලට ගනිමිනි .

විදුලි බලාගාර කිහිපයක සේවකයන් පසුගිය කාලයේ කොවිඩ් වෛරසයට ගොදුරු වූ බව සඳහන් කර ඇති ඇමතිවරයා එවැනි තත්ත්වයක් ඉදිරියටත් ඇති ඇතිවුවහොත් එය විදුලිබල සැපයුමට ගැටලුවක් විය හැකි බව පෙන්වා දී ඇත .

එබැවින් එන්නත් ලබාදීමේදී විදුලි බල සේවකයන්ට ප්‍රමුඛතාවක් ලබා දෙන ලෙස ඇමතිවරයා ඉල්ලා ඇත .

ඊට පිළිතුරු දී ඇති ජනාධිපති රාජපක්ෂ මහතා විදුලි බලය ඇතුළු අත්‍යවශ්‍ය සේවා වල සේවකයන්ට ප්‍රමුඛ තාව මත එන්නත් ලබාදීමට පියවර ගන්නා බව සඳහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More