දේශීය පුවත්

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය මාධ්‍යය වෙත පවසා සිටියේ තමන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මුළු පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ම වසා දමන්නැයි ලිඛිත ඉල්ලීමක් සිදුකළ බවයි.

ඒ අනුව පිළියන්දල ප‍්‍රදේශය වසා දැමුවද පසුව තමන්ගේ දැනුවත් භාවයකින් තොරව එම හුදෙකලා සීමාවන් ලිහිල් කර ඇතැයි ඇය ප්‍රකාශ කර සිටී.

වෛද්‍යයවරියට අනුව මේ වන විට පිළියන්දල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වන අතර හඳුනා නොගත් රෝගීන් නිදැල්ලේ සැරිසරමින් සිටී.

වෛද්‍යවරිය වැඩිදුරටත් පවසන්නේ ඇතැම් හඳුනාගත් රෝගීන් රෝහල් ගත කිරීමට ප්‍රමාද වී නිවෙස් වල රඳවා සිටින බවත් මේ තත්ත්වය ඉදිරියට ද පැවතුණහොත් නිවෙස්වලම ඔවුන් මිය යනු ඇති බවත්ය.

මේ අතර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසා සිටින්නේ පිළියන්දල වසා දමන විට ප‍්‍රදේශයේ කිසිවකු ඒ ගැන නොදැන සිටි බවත් ඒ අනුව යම් ළිහිල් කිරීමක් කළ හැකි දැයි තමන් අදාළ අංශවලින් ඉල්ලා සිටි බවත්ය.

සමස්ත පිළියන්දල ප්‍රදේශයම වසා දැමූ විට විශාල ප්‍රශ්නයක් මතුවූ බවත් මෙතෙක් පිළියන්දල නගරයෙන් රෝගීන් හමුවී නැති බවත් ගාමිනි ලොකුගේ මහතා මාධ්‍යට පවසා සිටියේය.

පිළියන්දල ප්‍රදේශයේ මන්ත්‍රීවරයා හැටියට එම ප්‍රදේශයේ ජනතාවගේ පහසුකම් සුබසිද්ධිය වෙනුවෙන් තමන්ට පෙනී සිටීමට අයිතියක් ඇති බවත් තමන් ක්‍රියාත්මක කළේ අයිතිය බවත් ඇමතිවරයා අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More