ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති එක්ව සකස් කළ යෝජනා 21කින් සමන්විත ‘නිදහසට එක්වෙමු-වැඩබිම ජයගමු’ ජාත්‍යන්තර කම්කරු දින යෝජනාවලිය ශ්‍රීලනිප සේවක සංගමයේ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා විසින් අද දින අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ වෙත භාර දෙන ලදි.
මා කම්කරු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ගෙන ආ කම්කරු ප්‍රඥප්තිය මගින් මෙරට වැඩකරන ජනතාවට සිදු වූ ඉමහත් සේවාව වෘත්තීය සමිති නායකයෝ මෙහි දී ඇගයීමට ලක් කළහ.
රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශවල වැටුප් වැඩිකිරීමට මා ජනාධිපතිවරයා ලෙස කටයුතු සමයේ ක්‍රියා කළ බව ද මෙහි දී විශේෂයෙන් සිහිපත් කෙරිණි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය ජී.එල්. පීරිස්, අමාත්‍ය ගාමිණි ලොකුගේ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහත්වරු ඇතුළු ශ්‍රිලනිප වෘත්තීය සමිති නායක පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...