සෑම ගෙවත්තකටම කහ පැළ බඳුනක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.
වැඩසටහන සනිටුහන් කරමින් ජනාධිපතිතුමා අද (01) පෙරවරුවේ මිරිහාන සිය නිවස පිහිටි ගෙවත්තේ කහ පැළයක් රෝපණය කළේය.
නිවසේ කහ අවශ්‍යතාවය තම ගෙවත්තෙන්ම සපුරා ගනු පිණිස එක් පවුලකට කහ පැළ බඳුන් 05 බැගින් පවුල් ලක්ෂ 15 කට පැළ බෙදා දීම සිදු කෙරේ.
ගුණාත්මක බවින් ඉහළ පැළ සෑම ප්‍රදේශයකම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරීන් මගින් ලබාගත හැකිය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රෝහණ අබේරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...