ව්‍යාපාරික පුවත්

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.,2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 මාර්තු මාසයේ දී පැවැති සියයට 2.8 ට සාපේක්ෂව 2016 පෙබරවාරි මස සිට වාර්තා වූ අඩුම අගය වන සියයට 1.6 ක් දක්වා 2018 අප්‍රේල් මාසයේ දී පහළ ගියේය. 2018 අප්‍රේල් මස ලක්ෂ්‍යමය උද්ධමනයෙහි සිදු වූ මෙම පහළ යෑමට, 2017 වසරේ අප්‍රේල් මාසය තුලදී, විශේෂයෙන්ම ආහාර කාණ්ඩයේ මිල ගණන්වල ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස පැවැති ඉහළ පදනම් අගය දායක විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස 2018 මාර්තු මාසයේ දී වාර්තා වූ සියයට 6.7 සිට 2018 අප්‍රේල් මාසයේ දී සියයට 6.1 දක්වා පහළ ගියේය.

මාසික වෙනස්වීම් සැලකූ විට, ආහාර නොවන කාණ්ඩයට අයත් අයිතමවල, විශේෂයෙන් ප්‍රවාහන (ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල වැඩි වීම); සහ මධ්‍යසාර සහ දුම්කොළ මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ජා.පා.මි දර්ශකය 2018 මාර්තු මාසයේ වාර්තා වූ දර්ශක අංක 122.8 සිට 2018 අප්‍රේල් මාසයේ දී දර්ශක අංක 122.9 දක්වා ඉහළ ගියේය. මේ අතර, සැපයුම් තත්ත්වයන්හි සිදු වූ වර්ධනයෙහි ප්‍රතිඵලයක් ලෙස ආහාර කාණ්ඩයෙහි විශේෂයෙන්ම එළවළු, ලොකු ළූණු සහ පොල් යන අයිතමවල මිල ගණන්හි අඩුවීමක් දක්නට ලැබිණි.

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජා.පා.මි දර්ශකයෙහි මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 අප්‍රේල් මාසයේ දී සියයට 1.9 හි නොවෙනස්ව පැවතිණි. මේ අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2018 මාර්තු මාසයේ දී වාර්තා වූ සියයට 3.6 සිට 2018 අප්‍රේල් මාසයේ දී සියයට 3.3 දක්වා පහළ ගියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More