නීතිපති දප්පුල ලිවේරා මහතා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව 2019 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට අදාළව මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයින් සම්බන්ධයෙන් මිනීමැරීමේ සහ මිනීමැරීමට තැත්කිරීමේ චෝදනාවලට අදාළව තොරතුරු ප්‍රදර්ශනය කිරීම කොළඹ මහාධිකරණයේ දී සිදුකරනු ලබා ඇති බව වාර්තාවේ.
නීතිපති තුමා විසින් එසේ සිදුකරනු ලැබ ඇත්තේ ත්‍රිපුද්ගල විණිසුරු මඩුල්ලක් ඉදිරියේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය සම්බන්ධයෙන් වෙන වෙනම නඩු විභාග දෙකක් සඳහා ගරු අගවිනිසුරුතුමන් වෙත ඉල්ලීමක් කිරීම සඳහා බවද එම වාර්තා වලින් කියවේ.ඒ අනුව එම ඉල්ලීමද අද දින ලිඛිතව නීතිපති දප්පුල ලිවේරා මහතා විසින් ගරු අගවිනිසුරුතුමන් වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති බවද පැවසේ.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය 2019 අප්‍රේල් 07 වන දින සහ 2019 අප්‍රේල් 21 යන කාලසීමාව අතරතුරදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට ලැබුණු සංවේදී තොරතුරු සහ බුද්ධි තොරතුරු, සහරාන් හෂිම් සහ ඔහුගේ කණ්ඩායම ආගමික සිද්ධස්ථාන, හෝටල් සහ අනෙකුත් ස්ථානවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සංවිධානව සිටි බවට සහ ප්‍රහාර එල්ල කිරීමට සූදානම්ව ආසන්නව සිටින බවට ඔවුන්ට ලැබූණු තොරතුරු නොසලකා හැරීම සහ එය මත කටයුතු කිරීමට මුළුමනින්ම අපොහොසත්වීම හේතුවෙන් 2019 අප්‍රේල් 21 වන දින ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වූ බව චෝදනා නගා තිබේ.
එම හේතුවෙන් ඔවුන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ සහ 300 වන වගන්තිය යටතේ මිනීමැරීම සහ මිනීමැරීමට තැත්කිරීමේ වරදට වගකිවයුතු යන පදනම මත මරණ 275ක් සිදුකිරීම සහ 500කට ආසන්න පිරිසකට තුවාල සිදුකර මිනීමැරීට තැත්කිරීම යන වෝදනාවන් සම්බන්ධයෙන් නීනිපති දප්පුල ලිවේරා මහතා විසින් කොළඹ මහාධිකරණයේ අද දින තොරතුරු ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇති බව පැවසේ.
අදාළ බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය මත කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයවලුන් ප්‍රභල නොසලකාහැරීම් සහ ප්‍රබල පැහැරහැරීම් හේතුකොටගෙන මෙම සිද්ධිවලට අදාළව නීතිපතිවරයා විසින් වෝදනා ඉදිරිපත්කර ඇති බවද පැවසේ.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයවලුන්ට චෝදනා ගොනුකර ඇත්තේ වර්ෂ 2019 අප්‍රේල් 07 වන දින සහ 2019 අප්‍රේල් 21 වන දින අතර කාලය තුළදී බෝම්බ පුපුරවා හරින බවට අනාවරණය වන තොරතුරු ඔවුන් සතුව තිබියදී එම තොරතුරුවල සඳහන් සාහසික ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය සුදුසු පියවර ගැනීම පැහැර හැරීමෙන් හෝ නොකරහැරීමෙන් අන්තරායන් කොපමන තදබලදයත් පුද්ගලයින්ගේ මරණය සිදුවිය හැකිබව හෝ ශාරීරික හානියක් එම පැහැරහැරීමෙන් සිදුවිය හැකිබව සාක්ෂි මත අනාවරණය වන බැවිනි.
ඒ අනුව සහසික ක්‍රියාව වන බෝම්බ පුපුරුවා ජීවිත හානි සිදුකිරීම වළක්වාගැනීමට ක්‍රියා කිරීමට අපොහොසත්වීමෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයවලුන් මරණයට පත්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ඔවුන්ගේ අනීතික නොකර හැරීම් නිසා මිනීමැරීමේ වරදට වගකිවයුතු බවත් තුවාල ලැබූ පුද්ගලයින් සම්බන්ධයෙන් මිනීමැරීමට තැත්කිරීමේ වරදවල් යටතේ නීතිපතිවරයා විසින් අදාල චෝදනා ප්‍රදර්ශනය කරණු ලැබූ බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...