ප‍්‍රධාන පුවත්

චීන-රුසියා සබඳතා වර්ධනය වීම කිසියම් රටක් ඉලක්ක නොකරන අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවය විවෘත හා පැහැදිලි අතර වෙනත් සමහර අවස්ථාවල දක්නට ලැබෙන ආකාරයේ සැඟවුණු කුමන්ත්‍රණ සහිත කල්ලි මෙන් නොවන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සඳුදා (මාර්තු 29) ප්‍රකාශ කළේය. ලාව්රොව්ගේ චීන සංචාරය, ඇලස්කාවේ චීන-එක්සත් ජනපද ඉහළ මට්ටමේ උපාය මාර්ගික සංවාදයෙන් පසුව සිදුකරන ලද, ප්‍රතිචාරාත්මක ක්‍රියාවක්ද යන පැනයකට පිළිතුරු දෙමින් ඉහත ප්‍රකාශය සිදු කෙරුණි.

ලෝක අස්ථාවරත්වය වැඩි වන විට, චීන-රුසියා සහයෝගීතාව පවත්වා ගැනීමේ අවශ්‍යතාව වැඩි වේ.” ආධිපත්‍යයට හා කෙනහිලිකම්වලට එරෙහිව චීනය සහ රුසියාව උරෙන්උර ගැටී සමීප සහයෝගයෙන් ක්‍රියාකිරීමෙන් ලෝක සාමය සහ ස්ථාවරත්වය රඳාපවත්වා ගැනීම සහතික වන්නේය”.

එක්සත් ජනපද විරෝධී සන්ධානයක්?

2020 දී චීන – රුසියා ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවා ගිය අතර, කෝවිඩ් -19 ට එරෙහිව එන්නත් නිපදවීමේදී ද දෙරට එක්ව කටයුතු කළහ. 2013 සිට ජනාධිපති ෂී සහ ජනාධිපති පුටින් 30 වතාවක් හමුවී ඇත. දෙරට අතර ඉතා සමීප මිලිටරි සබඳතා පවතී. සඳ මත පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට දෙරට එක්ව කටයුතු කරයි.

මහජන චීන සමූහාණ්ඩුව සහ රුසියානු සමූහාණ්ඩුව අතර යහපත්-අසල්වැසි සහ මිත්‍රශීලී සහයෝගීතා ගිවිසුම අත්සන් කිරීමේ 20 වැනි සංවත්සරය 2021 සනිටුහන් වන අතර ගිවිසුම අලුත් කිරීමට දෙපාර්ශ්වයම එකඟ වී ඇත.

මෙම ගිවිසුම අලුත් කිරීමට දෙරට එකඟ වී ඇති අතර, එයින් අදහස් කරන්නේ නව සන්ධාන ගිවිසුමක් අත්සන් කිරීමට ඔවුන්ට අවශ්‍ය නැති බවත්, එබැවින් චීන-රුසියා උපාය මාර්ගික හවුල්කාරිත්වය පිළිබඳව බටහිර අධිසංවේදී නොවිය යුතු බවත්, යැයි චීන සමකාලීන ජාත්‍යන්තර සබඳතා ආයතනයේ හිටපු ප්‍රධානී ජි ෂියී සඳුදා පැවසීය.

දෙරට එකිනෙකා සමඟ පෙළගැසෙන්නේ නැතත්, චීනය සහ රුසියාව නම්‍යශීලී හවුල්කාරිත්වය මත පදනම්ව ඔවුන්ගේ පොදු තර්ජන පිළිබඳව කටයුතු කළ යුතුව ඇත.

දෙරටේ සංවර්ධනයට බාධා වන සේ එක්සත් ජනපදය විසින් සම්බාධක පැනවීම සහ කලාපීය කටයුතුවලට මැදිහත් වීම වැනි අභියෝග රාශියක් නිර්මාණය කර ඇති හෙයින් මේ ආකාරයට ක්‍රියාකිරීමට දෙරටට සිදුවී ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.

තම සංචාරයට පෙර චීන මාධ්‍ය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ලාව්රොව් විද්‍යා හා තාක්ෂණ කර්මාන්තයේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීමත්, එක්සත් ජනපද ඩොලරය ප්‍රතිස්ථාපනය කර බටහිරින් පාලනය වන මුදල් පියවීමේ ජාත්‍යන්තර යාන්ත්‍රනයෙන් ක්‍රමයෙන් ඉවත් වී දේශීය මුදල් මගින් ගෙවීම් ප්‍රවර්ධනය කරන ලෙසත් ඉල්ලා සිටියේය. එවැනි ජාත්‍යන්තර ගෙවීම් ක්‍රමයකින් රුසියාවට හා චීනයට එරෙහිව එක්සත් ජනපදය හෝ බටහිර සම්බාධක මගින් ඇතිවිය හැකි අවදානම් අවම කර ගත හැකි බව ලාව්රොව් පෙන්වා දුන්නේය.

දේශීය මුදල් මගින් ගෙවීම් පියවීම ප්‍රවර්ධනය ලොව පුරා ආර්ථික ප්‍රවණතාවක් වන අතර එක්සත් ජනපදය ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වූ විට, යුරෝපා සංගමයේ ප්‍රධාන සාමාජිකයන් ද එක්සත් ජනපදය විසින් පාලනය කරනු ලබන ස්විෆ්ට් ජාත්‍යන්තර ගෙවීමේ ක්‍රමය මග හැරීම සඳහා නව ගෙවීම් ක්‍රමයක් ස්ථාපිත කිරීමට සලකා බැලීය.

ද්විපාර්ශ්වික වෙළඳාමේ ගෙවීම් පහසුකම් සඳහා රුසියානු බැංකු ගණනාවක් දැනටමත් චීන ජාත්‍යන්තර ගෙවීම් ක්‍රමයට සම්බන්ධ වී ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත.

අන්යෝන්‍ය වාසිදායක සබඳතාවය

චීන විචාරකයින් පවසන්නේ චීනය සහ රුසියාව ඔවුන්ගේ ජාතික ආරක්ෂාව සහ දේශපාලන ආරක්ෂාව සඳහා “වර්ණ විප්ලවයන්ට” හා වැරදි තොරතුරු සැපයීමට එරෙහිව සටන් කරනු ඇති බවයි.

චීන විශේෂඥයින් කියා සිටියේ මෙම තර්ජන බොහෝ දුරට බටහිර රටවල්, විශේෂයෙන් එක්සත් ජනපදය විසින් උසිගැන්වූ හෝ නිර්මාණය කරනු ලබන අතර, ඒවා චීනය සහ රුසියාව පමණක් නොව ඔවුන්ගේ අසල්වැසියන් හා හවුල්කරුවන් ද ඉලක්ක කර ගෙන ක්‍රියාත්මක වන බවය.

නව සේද මාවත් මාර්ග ඔස්සේ චීනය අනෙකුත් රටවල් සමඟ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළ විට, ප්‍රධාන අවධානය යොමු කළ යුතු කරුණක් නම්, විශාල යෙදවුම් සහිත ව්‍යාපෘති තම හවුල්කාර රට තුළ එක් “වර්ණ විප්ලවයකින්” හෝ දේශපාලන කැලඹීමකින් විනාශ විය හැකි බවයි.

රුසියාව ද එවැනි ගැටලුවකින් පීඩා විඳින අතර, නැගෙනහිර යුරෝපය සහ මධ්‍යම ආසියාව වැනි ප්‍රදේශවල රුසියාව වටා මෙවැනිම අභියෝගාත්මක සිදුවීම් නිතර සිදුවන අතර එය රුසියාවේ අවශ්‍යතාවන්ට බරපතල ලෙස බලපායි.

රුසියානු ආර්ථිකයේ ප්‍රමාණය සාපේක්ෂව විශාල නොවූවත්, එය කලින් පැවති සෝවියට් සංගමයෙන් ජාත්‍යන්තර ආරක්ෂාව සහ මිලිටරිමය වාසි උරුම කරගෙන ඇති අතර, එම නිසා මැද පෙරදිග, මධ්‍යම ආසියාව සහ යුරෝපය වැනි බොහෝ ප්‍රදේශවල බුද්ධි අංශයට හෝ හමුදාවට එය සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. චීනය විසින් ගොඩ නගන නව සේද මාවත් හි ප්‍රධාන කලාපයන් වන ඉහත ප්‍රදේශවල රුසියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් “එක්සත් ජනපදයේ උසිගැන්වීම සහ සහාය දීම මගින් සිදුවිය හැකි වර්න විප්ලවවල හානිවලින්” චීන ආයෝජනවල ආරක්ෂාව සහ එම කලාපවල සංවර්ධනය සහතික කළ හැකිය.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හා ආරක්ෂාව පමණක් නොව, කෝවිඩ් -19 වසංගතය සහ එක්සත් ජනපද සම්බාධක මධ්‍යයේ චීනය සහ රුසියාව අතර වෙළඳ සබඳතා ද ඉහළ යනු ඇතැයි චීන සමාජ විද්‍යා ඇකඩමියේ රුසියානු, නැගෙනහිර යුරෝපීය හා මධ්‍යම ආසියානු අධ්‍යයන ආයතනයේ සහකාර පර්යේෂණ සහායක ෂියාඕ බින් පැවසීය.

සේවා වෙළඳ ක්ශේත්‍රය පෙරමුණට පැමිණෙමින් ඉදිරි වසර කිහිපය තුළ චීන-රුසියාවේ වෙළඳාම අඛණ්ඩව ඉහළ යනු ඇතැයි ඔහු පුරෝකථනය කළේය.
(ඇත්ත පුවත්පතෙනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More