පසුගිය අප්‍රේල් මස ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපාරය මගින් සකස් කර යස්මින් සූකා විසින් ඉදිරිපත් කළ “එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව සඳහා වූ ස්වාධීන යාන්ත්‍රනය” මැයෙන් වූ වාර්තාව පිළිබඳව ලංකා ලීඩ් නිවුස් වෙබ් අඩවිය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් අදහස් විමසන ලදී.එහිදී එතුමා පවසා සිටියේ වත්මන් රජය ජිනීවා මානව හිමිකම් සමුළුව පිළිබඳව ඇල් මැරුන ප්‍රතිපත්තියේ සිට ක්‍රියාශීලී ප්‍රතිපත්තියකට මාරු විය යුතු බවයි.
හැටනම ලක්ෂයක් වූ මේ අරජය බලය්ට පත් කරන්නට දායක වූ ජනයා පමණක් නොව විරුද්ධ පක්ෂ වලට ඡන්දය දුන් සමහර ජනයාද බලා සිටින්නේ වත්මන් රජය රණවිරුවන් ජාත්‍යන්තරයේදී රැක ගැනීම සඳහා ගන්නාවූ ක්‍රියා මාර්ගය කුමක්ද යන්න බව ඔහු අවධාරණය කලේය.එහිදී යසස් මහතා වැඩිදුරටත් පවසා සිටියේ රජයේ ලේ උරා බොන වැරදිමග පෙන්වන ප්‍රභල හිස්ගෙඩියන් පසුගිය කාලයේදී සමහර කෘතහස්ත පුද්ගලයින් ලවා ප්‍රතියෝජනා මර උගුලේ රජය දැක්කවීමට උත්සාහ කළ නමුත් ඒ වගකිවයුතු අමාත්‍යංශයේ ඉන්න “ඇෆලටොක්සින්” කාරයන්ව එම කෘතහස්ත පුද්ගලයින්ට හඳුනා හැනීමට හැකිවුන නිසා ඔවුන් එම මර උගුලට පය තැබුවෙ නැති බවයි.
එහිදී ලංකා ලීඩ් වෙබ් අඩවිය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ” දිනේශ් ගුණවර්ධන මැතිතුමාටත් ජිනීවා මර උගුලෙන් ගැලවෙන්න හැකි වුනා. නමුත් එයින් පසුව ජිනීවා උගුලෙන් ස්දාකාලිකවම ගැලවෙන්න අවශ්‍යය කුමනම ක්‍රියාවකවත් රජය කරන බවක් පෙනෙන්නේ නැහැ. ඊට හේතුව විය හැක්ක්කේ ඔය කියන “ඇෆලටොක්සින්කාරකයින්” විසින් අදාළ ක්ෂිත්‍රය ආක්‍රමණය කර ඇති නිසා විය යුතුයි. ඔය “ඇෆලටොක්සිනයො” පවස සිටියේ පසුගිය ජිනීවා සමුළුවේදී අපට විරුද්ධව සම්මත වූ යෝජනා වලට අප විරුද්ධ වූ බැවින් සැලකිල්ලට ගත යුතු නොවන බවයි. මේ තත්ත්වය ඉතා බැරෑරුම් කාරණයක්. අප දන්නේ නෑ කාගේ අවශ්‍යතාවයක් ඉටු කිරීමටද ඔය “ඇෆලටොක්සින්ලා” හදන්නේ කියා. නමුත් එකක් කිව හැකියි.
ඔය හිස්ගෙඩියො කියන විදිහට බකන් නිලං හිටියොත් වෙන්නේ අපේ රණවිරුවන්‍ට විරුද්ධව පිළිගත හැකි චෝදනා ඉදිරිපත් වෙන එකයි. අපි නොවෙයි ඔය චෝදනා පිළිගත හැකිද පිළිගත නොහැකිද කියල තීරණය කරන්නේ. එය තීරණය කරන්නේ ඔය චෝදනා නගන පාර්ශවයමයි. අපේ හිස්ගෙඩියන්ද නිහඬවම සේවය කරන්නේ ඔය කියන දුෂ්ඨ පාර්ශවයටමයි. ඔය කියන ඊනියා චෝදනා එල්ලකර අපගේ රණවිරුවන් 57 ටම නොව ප්‍රභල චරිත කිහිපයකට විරුද්ධව ජාත්‍යන්තරයේ කටයුතු කළොත් කුමක්ද වෙන්නේ? ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට ජාත්‍යන්තරයට බලය දෙන පනතකට සහ ඔවුන්ව උදර්පනය කිරීමට බලය දෙන පනතකට අප අනුමැතිය ලබාදී තියෙනව. නමුත් අපේ ඔය කියන හිස්ගෙඩියන් කියන්නෙ ඔය අණ පනත් ගනන් නොගෙන ඉන්න කියල. මට හිතෙන්නෙ මෙතන ඔය කියන හිස්ගෙඩියන්ගෙ නොදැනුවත් කමට අමතරව වෙනත් කුමන්ත්‍රණයක් ඇති බවයි. ඔවුන්ට අවශ්‍ය අපේ ඔය රනවිරුවන් කණ්ඩායම බිල්ලට දෙන්නයි. මේ තත්ත්වයට විදේශ අමාත්‍යංශය සම්පූර්ණයෙන් වග කිව යුතුයි.
මා මීට පෙර ප්‍රකාශ කළා රණවිරුවන්ගේ මූලික අයිතිවාසිකම් නඩුවක් වත්මන් රජයට විරුද්ධව ගොනු කළ යුතුයි කියල. මට පෙනෙන්නෙ රණවිරුවන් එතරම් දරුණු නැහැ. ඔවුන් දැනටත් තමාට පැවරී ඇති රාජකාරිය දේවකාරිය ලෙස සලකාගෙන කටයුතු කරනව. නමුත් ඔවුන් දන්නෙ නැහැ අවසානයේදී ඔවුන්‍ට අත්වන ඉරණම. රණවිරුවන් කියන්නෙ තමුන්ගෙ ජීවිතය අනුන් වෙනුවෙන් කැප කර කටයුතු කරන පිරිසක්. ඔවුන් පුහුණු වෙලා ඉන්නෙ එලෙසයි. ඔවුන්ව ආරක්ෂා කර ගැනීම රජය නොඅඩුව කරණු ඇති කියා තමයි ඔවුන් හිතනව ඇත්තෙ. මෙතන තමයි ඔවුන්ට වැරදුන තැන. එබැවින් අප කැමතියි රණවිරුවන්ගෙන් ඉල්ලා සිටින්න අඩුම තරමේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන්, එම ලේකම් තුමාගෙන් ඉල්ලා සිටින්න කියා මේ පිළිබඳව පැහැදිලි කරන ලෙස. එනම් තමුන්ට ජාත්‍යන්තරයෙන් බලපෑමක් නොවන බවට සහතික කිරීමත්, තමුන්ට සහ තම පවුලේ අයට නිදහසේ විදේශ වල සංචාරය කිරීමට හැකියාව ඇති බව තහවුරු කරන ලෙසත්. ඒ වගේම තමුන්ගේ යම්කිසි වත්කමක් විදේශයන්හි තිබේනම් ඒවා පරිහරණය සඳහා කිසිදු බාධාවක් නොවන බවට තහවුරු කරන ලෙසටත්. මෙය ” අපි බලාගන්නම්” වශයෙන් ලබා දෙන හුදු වචනයෙන් නොව පිළිගත හැකි ක්‍රියාවලියක් විය යුතුයි.” යනුවෙන් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...