මේ වන විට චීනයෙන් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු සයනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් රෝගීන් සඳහා ලබාදීමට නොහැකිව ඇත්තේ වෛද්‍යය තාක්ෂණික කමිටුවට දැඩි ලෙස බලපෑම් එල්ල කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් බව සෞඛ්‍යය සේවා ආරංචි මාර්ග පවසා සිටී.
මෙම සභාපතිවරයා, ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් සයනොෆාම් එන්නත අනුමත කර නැතැයි යන තර්කය පෙර දැරි කරගෙන, සෞඛ්‍යය අමාත්‍යාංශයේ සයනොෆාම් එන්නත කොවිඩ් 19 වෛරසය ආසාදිතයන්ට ලබා දිය යුතු යැයි පවසන වෛද්‍යයවරුන්ට සහ සෞඛ්‍යය අමාත්‍යාංශයේ නිළධාරින්ට එරෙහිව දැඩි බලපෑම් එල්ලකරමින් සිටී.
සයොනොෆාම් එන්නත ලබාදීමට කටයුතු කරන්නන්ට එරෙහිව නීතී මාර්ගයෙන් කටයුතු කිරීමට පසුබට නොවන බව පවසමින් විවිධ ක්‍රම හරහා තර්ජන එල්ල කිරීමට කටයුතු කිරීමට මෙම සභාපතිවරයා දිවා රෑ නොබලා කටයුතු කරමින් සිටින බව ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය වෙත වාර්තා වේ.
පුවත් පත් හරහා සයොනෝෆාම් එන්නත සම්බන්ධයෙන් වැරදි මත සමාජගත කිරීමෙන් නොනැවතී සයනෝෆාම් එන්නත කෝවිඩ්19 වෛරසය මර්ධනය සඳහා ලබා දිය යුතු යැයි පෙනී සිටින නිළධාරින් බිය වැද්දීමට බාල ගනයේ උපක්‍රම තෝරන මට්ටම දක්වා පල්ලම් බැසීමට අදාල සභාපතිවරයා කටයුතු කරන බවද වාර්තා වේ.
අද වනවිට ලෝකයේ කොවිඩ් 19 වයිරසය මර්ධනය පිණිස නිපදවූ එන්නත් අතරින් වැඩිපුරම භාවිතා වන්නේ එන්නත් අටක් පමණක් බව ජගත් ජනමාධ්‍යය පෙන්වා දෙන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇත්තේ ඇස්ට‍්‍රා සෙනිකා, ෆයිසර් , ජොන්සන් සහ ජොන්සන් හා මොඩානා යන එන්නත් හතර පමණක් බව ද එම වාර්තා අවධාරණය කර සිටී.
සයනොෆාම් එන්නත නිපදවා ඇත්තේ චීන රජයටම අයත් ඖෂධ නිෂ්පාදන ආයාතනයක් මගින් වන අතර මේ වන විට සයනොෆාම් එන්නත චීනය පුරා මාත්‍රා මිලියන 150ක් ලබා දී අති අතර ලෝකයේ වෙනත් රටවල මාත්‍රා මිලියන 100ක් ලබාදී ඇති බව සඳහන්වේ. මෙම කිසිදු අවස්ථාවක එන්නත ලබාගත් පුද්ගලයන් මිය ගිය බවක් වාර්තා නොවන අතර ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාගැනීමෙන් ශ්‍රී ලංකාවේ දැනට පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍යය බළධාරින් විසින් පිළිගනු ලැබීය.
මේ අතර නම සඳහන් කිරීමට අකමැති වූ විශේෂඥ වෛද්‍යයවරයෙකු පවසා සිටියේ සභාපතිවරයා හිටපු සෞඛ්‍යය අමාත්‍යය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රභල හිතවතෙකු බවත් මේ රජයේ සෞඛ්‍යය බලධාරින් හසුරුවන්නේ රාජිත සේනාරත්න විසින්දැයි සැකයක් මතුවන බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...