දේශීය පුවත්

රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්දන මහතා අවධාරණය කරන්නේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ශ්‍රී ලංකාවට ගැලපෙන සාර්ථක එන්නතක් බවයි.

ඒ අනුව එම එන්නත ඉක්මණින් අනුමත කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත යුතු බව තම මතය බව ද හෙතෙම පෙන්වා දෙයි.සයිනොෆාම් එන්නත, ඇස්ට‍්‍රාසෙනිකා එන්නතට වඩා සෞඛ්‍යාරක්ෂිත බව පර්යේෂණවලින් හෙලිවී ඇති බව පවසන මහාචාර්යවරයා එයින් සිදුවන අතුරු ආබාධ අවම බවද පවසා සිටී.

අද වනවිට ලෝකයේ කොවිඩ් 19 වයිරසය මර්ධනය පිණිස නිපදවූ එන්නත් අතරින් වැඩිපුරම භාවිතා වන්නේ එන්නත් අටක් පමණක් යැයි පවසන මහාචාර්යවරයා එයින් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇත්තේ ඇස්ට‍්‍රා සෙනිකා, ෆයිසර් හා ජොන්සන් සහ ජොන්සන් යන එන්නත් තුන පමණක් බව ද අවධාරණය කර සිටී.

ලෝක සෞඛ්‍යය සංවිධානය මෙතෙක් අනුමත නොකරන ලද සයිනොෆාම් එන්නත අනුමත කරන ලද අනෙක් එන්නත් වලට වඩා හිතකාමි බව ද ලෝකයේ වැඩිපුරම භාවිතා කර ඇත්තේ ද එම එන්නත බව ද මහාචාර්ය සිසිර සිරිබද්ධන මහතා අවධාරණය කර සිටී.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත පන්ලක්ෂයක් ලබාදුන් පසුව එයින් අසාත්මික වී ඇත්තේ 1.06 පිරිසකට පමණක් යැයි පවසන මහාචාර්යවරයා ඒවාද සුළු අතුරු ආබාධ යැයි ද විවිධ රටවල සෞඛ්‍යය වාර්තා මගින් ඔප්පු කර ඇති බව මහාචාර්යවරයා පවසා සිටී. සයිනොෆාම් එන්නත අසාත්මික වී කිසිවෙක් මිය ගිය බවක් මේ වනතුරු වාර්තා වී නැතැයි ද ඇස්ට‍්‍රාසෙනිකා එන්නතින් මොළයේ හා උදරයේ ශිරාවන්හි ලේකැටි ගැසීම් වාර්තා වී ඇති අතර මියයාම් වාර්තා වී ඇතැයි ද සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේද ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගැනීමෙන් පසු තිදෙනෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍යය අංශ විසින් පිළිගනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More