ප‍්‍රධාන පුවත්

කොවිඩ් – 19 සඳහා යොදා ගනු ලබන කොවිෂීල්ඩ් (Covishield) එන්නත ලබා දෙන ලෙසට ඉල්ලමින් තමන්ට ඉන්දියාවේ දේශපාලඥයින් සහ බලවත් පුද්ගලයින්ගෙන් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබෙන බව පවසමින් ලොව විශාලතම එන්නත් නිපදවීමේ ආයතනය වන ඉන්දියාවේ සීරම් ඉන්ස්ටියුට් (Serum Institute) හි ප්‍රධාන විධායක නිලධාරී අදාර් පූනවාලා මහතා ඉන්දියාවෙන් පිටත්ව එංගලන්තය බලා ගොස් ඇත.

ඒ අනුව සියලු වගකීම් තමන්ගේ උරහිස මතට වැටී තිබෙන බවයි සීරම් ඉන්ස්ටියුට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසන්නේ.

බ්‍රිතාන්‍යයේ සිට මාධ්‍ය සමග සමමුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කොට තිබේ.

ඉන්දියාවේ සමූහ එන්නත්කරණ වැඩසටහන යටතේ ලබාදෙන ඇස්ට්‍ර සෙනෙකා (AstraZeneca) සහ කොවිෂීල්ඩ් යන එන්නත් දෙකම නිපදවනු ලබන්නේ මෙම සීරම් ඉන්ස්ටියුට් ආයතනයයි.

එමෙන්ම ඇතිව තිබෙන තත්ත්වය සලකා බලා කොවිෂිල්ඩ් එන්නත ඉන්දියාවෙන් පිට වෙනත් ස්ථානයක නිපදවීමට තමන් පියවර ගන්නා බවද ඒ මහතා විසින් ද ටයිම්ස් ඔෆ් ලන්ඩන් පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකදී ප්‍රකාශ කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More