ශ්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා සිය දූරයෙන් ඉල්ලා අස්වූ බව පවසා සිටී.
ඉල්ලා අස්වීමේ ලිපිය තාක්‍ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයාට අපේ‍්‍රල් 19 වැනිදා බාර දුන් බව පැවසූ නුෂාඩ් පෙරේරා මහතා පසුගිය 30 වැනිදා තිබූ අවසන් අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමට සහභාගි වීමෙන් පසුව නිල වශයෙන් ඉවත් වූ බව පවසා සිටී.
ආන්දෝලනයට ලක්වූ සීනි බදු පහළ දැමීමේ ක්‍රියාවලිය පිටුපස නුෂාඩ් පෙරේරා මහතා සතොස ආයාතනයේ සභාපති තනතුර දරමින් කටයුතු කළ බවට පසුගිය දා මාධ්‍යය මගින් චෝදනා එල්ල විය.
ඉන්පසුව සතොස සභාපති දූරයෙන් පහ කළ බවට ආරංචි පැතිර ගිය අතර ඉතා කෙටි කාලයකදී ඒ මහතා ශ්‍රී ලංකා ප්‍රමිති ආයාතනයේ සභාපති තනතුරට පත් විය.
මේ වන විට දූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් රජයේ ඉහල ප‍්‍රධානීන්ද දැනුවත් කළ බව පැවසූ නුෂාඩ් පෙරේරා මහතා ඉදිරියේදී මෙරට ප‍්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමකට එක්වන බව වැඩි දුරටත් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...