පුරවැසි කොලම

‘‘ඉස්ලාම් ආගමේ ආගමික ඉගැන්වීම වැදගත් වන්නේ මුස්ලිම් ජනතාවට පමණි. එහෙත් එම ආගමේ දේශපාලන ඉගැන්වීම් ලෝකවැසී සෑම ජනතාවටම වැදගත් වේ.’’ එම ප‍්‍රකාශය කරනු ලබන්නේ ඉස්ලාම් ආගම පිළිබඳ ලෝක ප‍්‍රසිද්ධ පර්යේෂකයෙකු වන මහාචාර්ය බිල් වොර්නර්ය. එම ප‍්‍රකාශය සනාථ කිරීම සඳහා ඔහු විසින් ග‍්‍රන්ථ රාශියක් රචනා කොට ඇත. ඔහුට අනුව කුරාණයේ ඉගැන්වීමවලින් 64%ක් දේශපාලන ඉගැන්වීම්ය. එනම් කෆීර් හෙවත් ඉස්ලාම් නොවන වෙනත් ආගම් අදහන්නන් විශේෂයෙන්ම පිළිම වන්දනාකරුවන්ට එරෙහිව කළයුතු දේය.එම කළ යුතු දේ නින්දා කිරීම, කුමණ්ත‍්‍රණ කිරීම, බිය ගැන්වීම, වහල් භාවයට පත්කිරීම, හිස සිද දැමීම වන අතර ඊට අනුව ඉස්ලාම් ආගම අදහන අයෙකුට අන්‍ය ආගමිකයෙකුගේ මිතුරෙකු විය නොහැක.

මහාචාර්ය බිල් වොර්නර්ගේ අධ්‍යනයන්ට අනුව ඉස්ලාම් ආගමේ ඉගැන්වීම් වලින් 16%ක් කුරාණය හෙවත් ඉස්ලාම් බයිබලය වන අතර ඉතිරි 84% මොහොමඩ් නබි තුමාගේ ක‍්‍රියාවන් සහ වචන ලෙස සැළකිය හැක.ඒවා සුන්නා ලෙස හැඳින්වෙන අතර කොටස් දෙකකට අයත්වේ. ඒ අතරින් ‘‘සිරා’’ ලෙස හැඳින්වෙන්නේ නබි තුමාගේ ජීවිත කතාව වන අතර ‘‘හදිත්’’ ලෙස හැදින්වෙන්නේ නබි තුමාගේ සම්ප‍්‍රදායන්ය. ‘‘සිරා’’ තුළ 81%ක් කෆිර්ලා හෙවත් අන්‍යආගමිකයන්ට කළ යුතු දේ සඳහන් වන බව සහ ‘‘හදිත්’’ තුළ ඒ සඳහා 35%ක් වෙන්කොට ඇති බව මහාචාර්ය බිල් වොර්නර් පවසයි. ඔහුට අනුව සමස්ථ ඉස්ලාම් ඉගැන්නීම්වීම් වලින් 51%ක් යොදගනු ලබන්නේ කෂිර්ලා හෙවත් අන්‍යආගමිකයන්ට කළ යුතු දේ ඉගැන්වීම සඳහාය. එනම් දේශපාලන ඉගැන්වීම් සඳහාය. ඒ අනුව ඉස්ලාම් අන්තවාදය බිහිවන්නේ මෙම ඉගැන්වීම් විවිධ ආකාරයට විග‍්‍රහ කිරීම මගිනි. නබිතුමාගේ වසර 23ක ආගමික ජීවිතයෙන් වසර 13ක් තුළ එනම් ‘‘මැකා නුවර’ අධ්‍යාත්මික නායකයෙකු ලෙස කටයුතු කරන කාලය තුළ එතුමා වටා ගොනු වූයේ අනුගාමිකයින් 150 දෙනෙකු පමණක් බව කියැවේ. නමුත් එතුමා මදිනා නුවර දේශපාලන සහ යුද නායකයෙකු ලෙස ක‍්‍රියාකළ වසර 10ක කාලය තුළ සමස්ථ අරාබි කලාපයේම ජනයා ඉස්ලාම් ආගමට හැරවීමට සමත් වී ඇත. එතැන් පටන් ගතවූ වසර 1400කට ආසන්න කාලය තුළ නබිතුමාගේ ඉගැන්වීම් විවිධ ආකාරයට විග‍්‍රහ කළ දේශපාලන ආගමික නායකයින් ලෝකය පුරා මහත් භිෂණයක් වපුරා ඇත. ඒ තුළ කෂිර්ලා හෙවත් අන්‍යආගමිකයන් මිලියන 300කට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවී ඇත.

එම ක‍්‍රියාවලියේ උච්චතම අවධිය ආරම්භ වන්නේ ‘වහබ්වාදය’ නම් වූ දේශපාලන ඉස්ලාමය බිහිවීමත් සමගය. ‘‘හෙම්පරස්’’ නම් වූ බි‍්‍රතාන්‍ය ඔත්තුසේවා නිලධාරියෙකු විසින් රචිත බි‍්‍රතාන්‍ය ඔත්තුකරුවෙකුගේ පාපොච්චාරණය නම් වූ කෘතියට අනුව වහබ්වාදය හෙවත් දේශපාලන ඉස්ලාම් ඉගැන්වීම් වල ඉතාම භිෂණකාරී භාවිතය ලෝකයට හඳුන්වාදුන් මොහොමඩ් බින් අබිඩ් අල් වහබ් නම් වූ පූජකයා නිර්මාණය කරනු ලබන්නේ බි‍්‍රතාන්‍ය ඔත්තු සේවා විසිනි. හෙම්පර්ස් නම් වූ බි‍්‍රතාන්‍ය ඔත්තුකරුවාට එම පූජකයා මුණ ගැසෙන්නේ 1713 දී ඉරාකයේ බස්රා නුවරදීය.ඔහු යටතේ පුහුණු කෙරන සහ බලවත් තත්වයට පත්කෙරෙන වහබ් පූජකතුමා ඉන්පසුව සෞදි අරාබියා රාජ්‍යයේ ප‍්‍රධාන උපදේශකයා බවට පත්කෙරුනු බව සහ සෞදි රාජ්‍යය වහාබ්වාදයේ මූලකඳවුර බවට පත්කෙරුනු බව එම ග‍්‍රන්ථය මගින් සාක්ෂි සහිතව එළිදරව් කොට ඇත. ඒ ආකාරයට බි‍්‍රතාන්‍ය ඔත්තු සේවා මගින් ඉස්ලාම් ආගමේ දේශපාලන ඉගැන්වීම් ප‍්‍රචණ්ඩත්වය වැපිරීම සඳහා යොදාගනු ලබන්නේ ලෝකය පුරා ගැටුම් නිර්මාණය කිරීමට සහ ඒවා යොදාගනිමින් එම රාජ්‍යයන් දුර්වල කිරීමට බව එම ඔත්තුසේවා නිලධාරියා විසින් එළිදරව්කොට ඇත. බි‍්‍රතාන්‍යය රජය විසින් එම තොරතුරු ප‍්‍රතික්ෂේපකොට නැත.

අද වන විට අධිරාජ්‍යවාදී රටවල් විසින් වහබ්වාදය හෙවත් ඉස්ලාම් අන්තවාදය විවිධ රටවල් තුළ ගැටුම් ඇති කිරීමට, එම රටවල් දුර්වල කිරීමට සහ අවසානයේදී එම ගැටුම් මුල්කරගෙන මැදිහත් වීම සඳහා යුදමය උපාංගයක් ලෙස යොදාගන්නා බව රහසක් නොවේ. එම ක‍්‍රියාවලිය හැඳින්වෙන්නේ ආපදා අධිරාජ්‍යවාදය ලෙසය. ශ‍්‍රී ලංකාවේ පාස්කු ප‍්‍රහාරයට පසුව එවකට විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මුණ ගැසුණු අවස්ථාවේදී ඔහු විසින් මෙසේ පවසා ඇත. ‘‘දැන් නුඹලා අයි එස් ත‍්‍රස්ත ප‍්‍රහාරයකට ලක්වී ඇත. ඒ නිසා නුඹලා අයි එස් විරෝධී ගෝලීය සන්ධානය සමග අත්වැල් බැඳගත යුතුය’’ එම ඊනියා සන්ධානය හසුරුවනු ලබන්නේ අමෙරිකාව විසිනි. එසේ වුවත් අයි එස් සංවිධානයට මුදල් ලබාදීම, ආයුද ලබාදීම සහ සටන්කරුවන් විවිධ රටවල දේසීමා වලින් ඇතුල් කිරීම සඳහා ඇමෙරිකාවේ සී.අයි.ඒ. ඔත්තුසේවාව විසින් දියත් කොට ඇති මෙහෙයුම් පිළිබඳ ප‍්‍රභල සාක්ෂි එළිදරව් වී ඇති අතර ඇමෙරිකාවේ කිසිදු රාජ්‍ය නායකයෙතු ඒවා ප‍්‍රතික්ෂේප කොට නැත. අන්තර්ජාලය මගින් එවනි තොරතුරු පිටු සිය ගණනින් බාගත කරගත හැක. ශ‍්‍රී ලංකාවේ පාස්කු ප‍්‍රහාරයට මුල් වූ මහමොළකරුවන් අයි එස් සංවිධානයෙන් පුහුණුව සහ අභාෂය ලබාගත් බවද එළිදරව් විය. එවන් එක් පුද්ගලයෙකු වූ නවුෆර් නම් වූ මව්ලවි වරයා විසින් සහරාන් සමග පැවත්වූ පුහුණු වඩමුළු 15කදී අයි එස් ත‍්‍රස්තවාදීන් විසින් බෙලිකපා මනුෂ්‍ය ඝාතන සිදුකරන ආකාරය වීඩියෝ දර්ශන මගින් දරුවන්ට ඉගැන්වූ බව පාස්කු ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මගින් එළිදරව් කොට ඇත.

ආණ්ඩුවේ විවිධ පාර්ශව විසින් එසේ මහ මොළකරුවකු ලෙස එක් පුද්ගලයෙකු පමණක් හුවා දක්වන අතර විපක්ෂයේ යම් පාර්ශ්ව සඳහන් කරන්නේ එම මහ මොළකරුවා නවුෆර් මව්ලවී නොව වෙනත් බලවත් පුද්ගලයෙකු බවය. ඔහුගේ අනන්‍යතාව එළිදරව් වී නැතත් එසේ මහ මොළකරවෙකු ලෙස එක් පුද්ගගයෙකු පමණක් හුවා දක්වීම බලවත් වරදක් බවට විවාදයක් නැත. එම ඊනියා මහ මොළකරු විසින් පමණක් සටන්කරුවන් 350ක් පුහුණු කළ බව සඳහන් වේ.එසේනම් ඉතා පටු ප‍්‍රවේශයකින් සලකා බලන්නෙකුට වුවද ඒ සියළු දෙනා අනාගත මහ මොළකරුවන් ලෙස සළකිය හැක. මහ මොළකරුවන් යන කාණ්ඩයට පුහුණුකරුවන් සහ අධ්‍යාත්මික ශක්තිය ලබාදෙන පිරිස් වලට අමතරව ඔවුන්ට මුදල් ලබාදෙන සහ දේශපාලන රැකවරණය ලබාදෙන පිරිස් ද අයත් විය යුතු බව කුඩා දරුවෙකුට වුවද තේරුම්ගත හැක.එසේ වුවත් පසුගිය වසර දෙකක කාලය තුළ ශ‍්‍රී ලංකාවේ රජයේ බලධාරීන්ට එම සරල සත්‍යය තේරුම් ගනීමට හැකි වූවාද යන්න සැක සහිතය.

රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීම පිළිබඳව ආණ්ඩුවට තිබූ මානසික බාධකය පුදුම සහගතය. අසාද්සාලි වැන්නවුන් රාජ්‍යයට සහ මහජනයාට තර්ජනය කරන තත්වක් තුළ පවා ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ බලවත් සමාජ විරෝධයක් මතුවීමෙන් පසුවය. පාස්කු ප‍්‍රහාරයට පසුව දිගන ගැටුම වැනි ගැටුමක් පැනනැගුනේ නම් භාවිතා කිරීම සඳහා ආනයනය කොට බොදාහරින ලද බවට සැකකෙරෙන මිනිසුන්ගේ බෙලි කැපිය හැකි කඩු 6000කට සිදුවූ දෙයක් නැත. ඒවා ආනයනය කළ සහ බෙදා හරින ලද සහ සඟවා තබාගත් පුද්ගලයන් සහ එම කඩු තොගය අත්අඩංගුවට ගැනීමට රජය මෙතෙක් අසමත් වී ඇත. ශ‍්‍රී ලංකාවේ පොලීසිය සහ ආරක්ෂක හමුදා තුළ ඉතා දක්ෂ සහ කැපවීමෙන් වැඩකරන නිලධාරීන් රාශියක් සිටින බව පොදු මහජනයා පිළිගනිති. එසේනම් ප‍්‍රශ්නය කුමක්දැයි එකිනෙකාගේ මුහුණ බලන විට මහජනයාගේ පැත්තෙන් ඉදිරිපත්වන ප‍්‍රධාන තර්කය වන්නේ අනාගත මැතිවරණවලදී මුස්ලිම් ජාතිවාදී පක්‍ෂවල සහය ලබා ගැනීමට නම් ඔවුන්ගේ සිත් රිදවීමෙන් වැලකී සිටිය යුතු බවය.

එම තත්වය පාස්කු කොමිසමේ වාර්තාව තුළද දකගත හැක. එම වාර්තාවේ ‘‘සිතාගත නොහැකි අඩුපාඩු’’ එළිදරව් කරමින් ජ්‍යෙජ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් ඉතා දීර්ඝ පර්යේෂණාත්මක ලිපියක් ද අයිලන්ඩ් පුවත්පතේ පළකරනු ලැබීය. කෙසේ වෙතත් එම වාර්තාව මගින් ඉස්ලාම් අන්තවාදය ප‍්‍රචලිත කිරීම සඳහා මුල්වූ ප‍්‍රභල සංවිධානයක් ලෙස හඳුන්වා ඇති ‘‘ජමාතේ ඉස්ලාම් නමති සංවිධානය ආණ්ඩුව විසින් තහනම් කළ සංවිධාන 11ක ලැයිස්තුවට ඇතුළත් වන්නේ නැත. ඒ වෙනුවට එම සංවිධානය යටතේ පවතින ශිෂ්‍ය සංවිධානයක් පමණක් තහනම් කොට ඇත. ශ‍්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානයේ 1994 සිට නායකයා ලෙස කටයුතු කරන රෂිඞ් හජ්ජුල් අක්බාර් නැමැත්තා ආගමික වෛරය පැතිරවීම, ශරියා නීතිය ක‍්‍රියාත්මක කිරීම සහ ශ‍්‍රී ලංකාව තුළ ඉස්ලාම් රාජ්‍යයක් පිහුටුවීම ආදී ඉස්ලාම් අන්තවාදී ඉගැන්වීම් ප‍්‍රචලිත කිරීම සඳහා ප‍්‍රභල දායකත්වයක් සැපයූ අයෙකු බව වාර්තාවේ සඳහන් වේ. එහෙත් 2019 අගෝස්තු 25 දින අත්අඩංගුවට ගන්නා එම පුද්ගලයා 2019-09-27 දින නිදහස් කොට ඇත. එවැනි ඉගැන්වීම් ඉස්ලාම් ආගමික පාසල් පෙලපොත් වලට සහ ගුරු අත්පොත් වලට ඇතුල්කොට ඇති බව මෑතකදී ආරක්ෂක ලේකම්වරයා විසින් ද පිළිගනු ලැබීය. එහෙත් මේ වනතුරු ඊට වගකිවයුතු පුද්ගලයින් ප‍්‍රශ්න කිරීමට හෝ අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන නැත.

නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාට අනුව පාස්කු කොමිසම් වාර්තාවේ ඉතා හාස්‍ය ජනක නිර්දේශයක් ඇත. ඒ බෝම්බකරුවෙකු වන සහ රිෂාඞ් බදුර්දීන්ට ඥාති සම්බන්ධයක් ඇති කොලෝසස් නම් වූ පුද්ගලික සමාගමේ හිමිකරු වන ඉන්ෂාෆ්ට අඩු මුදලට තඹ නිකුත් කිරීම මගින් රජයට රු.මිලියන 4.6ක් පාඩු සිදුකිරීම පිළිබඳව රිෂාඩ් බදුර්දීන්ට අල්ලස් පනත යටතේ නඩු පැවරීය යුතු බව නිර්දේශ කිරීමය. නමුත් රිෂාඩ් බදුර්දීන් සහ බෝම්බකරුවන් අතර සබඳතාවන් පිළිබඳ සාක්ෂි රාශියක් ඊට පෙර පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් වී ඇත. කෙසේ වෙතත් අවසානයේදී ශ‍්‍රී ලංකාවේ ගම්මිරිස් ගොවීන් පවා බෝම්බ ප‍්‍රහාර සඳහා ආධාර ලබාදී ඇති බව පිළිගැනීමට සිදුවේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස යෝජනා කළ පාස්කු බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වූ මොහොමඞ් ඊබ‍්‍රාහීම් ගම්මිරිස් ප‍්‍රති අපනයනය කිරීමේ කූඨ ජාවාරමට සම්බන්ධ අයෙකි. එම ජාවාරම නිසා දේශීය ගම්මිරිස් ගොවියාට ලැබෙන මිල පහත වැටුනු බැවින් ගමිමිරිස් ගොවින් ඔහුගේ අයතු ලාභයට දායක වූ බව සහ එම අතිරික්ත ලාභය බෝම්බ ප‍්‍රහාරය සඳහා යොදවන්නට ඇති බව පිළිගැනීමට සිදුවේ.

තත්වය එසේ තිබියදී පාස්කු කොමිසමේ වාර්තාව මගින් බෝම්බ ප‍්‍රහාරයට සෘජුව සම්බන්ධ බවට හඳුනාගනු ලබන්නේ පුද්ගලයන් 14 දෙනෙකි. ඉන් 8 දෙනෙකු සිය දිවි නසාගන්නා බෝම්බ ප‍්‍රහාරකයින් ලෙස ජීවිතක්ෂයට පත්වන අතර තවත් 3 දෙනෙකු සයින්දු මරන්දු මෙහෙයුමේදී ජීවිතක්ෂයට පත්විය. ඒ අනුව ඉතිරි තිදෙනාට නඩු පවරා දඩුවම් දීමෙන් සහ ඉහත සඳහන් කළ ඊනියා මහ මොළකරුවන් ලෙස හඳුනාගෙන තිබෙන නවුෆර් මව්ලවි වරයාට දඩුවම් දීමෙන් ඉස්ලාම් අන්තවාදී ප‍්‍රවනතාවයන් අවසන් වන බවට හෝ පාස්කු ප‍්‍රහාරයෙන් මරණයට පත්වූවන්ට යුක්තිය ඉටුවන බව පිළිගත හැකිද? පාස්කු කොමිසමේ නිර්දේශ අනුවනම් හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ තවත් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුටද දඩුවම් කළ විට සහ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ හඬ නිහඬ කළ පමණින් ඉස්ලාම් අන්තවාදය මව්බිමෙන් අතුගා දමිය හැක.

එවැනි තත්වයක් තුළ ඉස්ලාම් අන්තවාදයෙන් සිංහල සහ දෙමළ ජනතාව පමණක් නොව මුස්ලිම් ජනතාව පවා විශේෂයෙන්ම මුස්ලිම් දරුවන් ගලවා ගැනීම සඳහා පාස්කු කොමිසමේ නිර්දේශවලින් බොහෝ ඔබ්බට යා යතු බව පිළිගැනීමට සිදුවේ. කොසේ වෙතත් පාස්කු ප‍්‍රහාරයෙන් පසුව පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභාවේ වාර්තාව මගින් ඉතා සුවිශේෂී නිර්දේශ 57ක් ලබාදී ඇත. එම නිර්දේශ මගින් ඉස්ලාම් අන්තවාදයේ මූලයන් අහෝසිකිරීම තුලින් අන්තවාදය අහෝසි කළ යුතු බව යම් පමණකට පිළිගෙන ඇත. එම නිරිදේශ ක‍්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් කළ බවද වාර්තා විය. නමුත් මේ වනතුරු පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳ නිර්දේශ ලබාදීම සඳහා පත්කළ අමාත්‍ය කමිටුවේ වාර්තාව සහ පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභාවේ නිර්දේශ පිළිබඳව විවෘත කතිකාවක් හෝ විවාදයක් සමාජය තුළ ඇති වී නැත.

නමුත් අපරාධ ක‍්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා ඒ කිසිදු නිර්දේශයක් අවශ්‍ය වන්නේ නැත. පමා වී හෝ රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගනීම මගින් ආණ්ඩුවේ මානසික බාධක යම් පමණකට සමනය වී ඇති බව පිළිගත හැක. ඊට හේතුව කුමක්දැයි පැහැදිලි නැතත් ඒ මගින් මහජන විශ්වාසය යම් පමණකට වර්ධනය වෙමින් ඇත. දැන් කළ යුත්තේ දීර්ඝකාලීන විසඳුම් පිළිබඳ සංවාදය සමග අපරාධ නීති ක‍්‍රියාවලිය වහාම විධිමත්ව ඉදිරියට ගෙනයාමය. ඒ අනුව පෙළපොත්වලට සහ ගුරු අත්පොත්වලට අන්තවාදී මතවාද ඇතුල් කිරීමට මුල්වූ පුද්ගලයින්, ජමාතේ ඉස්ලාම් සංවිධානයේ මතවාද ප‍්‍රචලිත කිරීම සඳහා ශ‍්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව යොදාගත් පුද්ගලයින්, තොරතුර වසන් කළ තානාපති නිලධාරීන්, විශේෂයෙන්ම පකිස්ථානයෙන් ලබාදුන් තොරතුර සැඟවූ පුද්ගලයින්, සාරා නැමති ඔත්තුකාරියක් බව සැකකෙරෙන කාන්තාව සමග ගනුදෙනු කළ ශ‍්‍රි ලංකා තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා මෙන්ම කඩු ආනයනය කළ සහ බෙදාහැරීමට මුල්වූ පිරිස් සහ කඩු සියල්ල අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවත්වීම ඉතා වැදගත් වේ.

මේ වන විට ශ‍්‍රී ලංකාවේ වහබ්වාදය ප‍්‍රචලිත කරන තහිව්ද්  නමින් ක‍්‍රියාත්මක වන සංවිධාන ඇතුළු සංවිධාන 11ක් තහනම්කොට තිබෙන තත්වයක් යටතේ ඒවා තුළ නායකත්ව භූමිකාව ඉටුකළ සියළු පිරිස් අත්අඩංගුවට ගතයුතු බවට විවාදයක් නැත. ඊට අමතරව ඉහත සඳහන් කළ ආකාරයට එම ලයිස්තුවට ජමාත් ඉස්ලාම් සංවිධානය ඇතුල්කළ යුතු බවට ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් පවා පිළිගනිති. එසේ නම් එම ක‍්‍රියාවලිය වහාම ඉදිරියට ගෙනයාම මගින් ආණ්ඩුවේ මානසික සූදානම්කම මහජනයාට ප‍්‍රදර්ශනය කළ හැක. මේ වන විට ජාතික සංවිධාන එකමුතුව විසින් ඉස්ලාම් අන්තවාදය දිර්ඝකාලීනව මව්බිමෙන් අතුගා දැමීම සඳහා ඉටුකළ යුතු කොන්දේසි 22ක් රටට ඉදිරිපත් කොට ඇත. විවිධ පාර්ශව විසින් ඒ ආකාරයට ඉදිරිපත් කරන යෝජනා පිළිබඳව විවෘත මහජන සංවාදයක් දිරිගැන්වීමට රජය මැදිහත්විය යුතුය. කුමන පුද්ගලයෙකුගේ හෝ සංවිධානයක හෝ පක්ෂයක සිත් රිදුනද දිර්ඝකාලීනව ප‍්‍රශ්නය විසදීම සඳහා මහජන සංවාදය ඉතා වැදගත්වේ. අන්තවාදයට යටත්වීම හෝ බියවීම මගින් අන්තවාදය පරාජය කළ නොහැක. ආගමික අන්තවාදයට විරුද්ධ වීම කිසිසේත්ම ආගම්වාදයක් හෝ ජාතිවාදයක් නොවේ. එවැනි මානසික බාධක පනවනු ලබන්නේ අන්තවාදීන් විසින් සහ ඔවුන්ව පෝෂණය කරනු ලබන පිරිස් විසින්මය.

මෙම ලිපිය ආරම්භයේදී සඳහන් කළ ආකාරයට සහ ලෝකයපුරා බොහෝ විද්වතුන් පිළිගන්නා ආකාරයට ඉස්ලාම් අන්තවාදය, විශේෂයෙන්ම වහබ්වාදය නැමති දේශපාලන ඉස්ලාම් ඉගැන්වීම් සහ ආගමික ඉස්ලාම් ඉගැන්වීම් අතර වෙනස පිළිබඳ අවබෝධය මුස්ලිම් ජනතාවට ලබාදීම ඉතා වැදගත් වේ. ඉස්ලාම් අන්තවාදීන්ගේ මූලික උපාය මාර්ගය වන්නේ මුස්ලිම් ජනයා සෙසු ජනයාට වඩා වෙනස් බව සහ ඒ වෙනස මහා සමාජය විසින් පිළිගත යුතු බව සහ එසේ පිළිනොගන්නා තත්වයක් යටතේ ඊට එරෙහි විය යුතු බව මුස්ලිම් ජන මනස තුළ තහවුරු කිරීමය. එසේ මුස්ලිම් ජනතාව සෙසු සමාජයෙන් හුදකලාකරණය කිරීම යනු අන්තවාදීකරණය සඳහා වන මූලික පූර්ව කොන්දේසියකි. ඊට අදාල මතවාදී ක‍්‍රියාන්විතය සහ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් පිළිබඳ පුළුල් අවබෝධයක් මුස්ලිම් ජනතාවට ලබාදිය යුතුය. බුර්කාව සහ නිකාබය වැනි සෞදි අරාබියේ ඇඳුම් ප‍්‍රචලිත කිරීම සහ කොවිඩ්-19 රෝගීන් භූමදානය කළ යුතු බවට මහා ප‍්‍රශ්නයක් මතු කිරීම ආදිය එම ක‍්‍රියාවලියේ කොටස් බව විවෘතව කථා කිරීම වැදගත්වේ. මුස්ලිම් දරුවන්ට සෙසු දරුවන්ට මෙන්ම සමාන අධ්‍යාපනයක් ලබාදිය යුතු බව සහ මුස්ලිම් කාන්තාවන්ට නූතන ලෝකයේ මානුෂික අයිතවාසිකම් තිබිය යුතු බවට මුස්ලිම් ජනතාව අතර සංවාදයක් අවශ්‍යවේ. මද්‍රසා පාසල්, අරාබි පාසල් සහ කාති උසාවි ආදිය මගින් මුස්ලිම් සමාජයට සිදුවන අගතිය විවෘතව පෙන්වාදීමද ඉතා වැදගත්වේ. කෙසේ වෙතත් රජය විසින්ම ඉදිරිපත්කොට ඇති යෝජනා ක‍්‍රියාත්මක කිරීම මගින් අරම්භයක් ගැනීම සඳහා කාර්යසාධක බලඇණියක් පිහිටුවීම මූලික අවශ්‍යතාවයකි.

ඒ සියල්ලට අමතරව අවසාන වශයෙන් කිවයුතු වන්නේ මුස්ලිම් අන්තවාදී දේශපාලන බලවේග රාජ්‍ය බලය තුළ නියෝජනය වන තත්වයක් යටතේ එනම් ඔවුන් ඇමතිකම් දරණ ආණ්ඩුවක් යටතේ ඉස්ලාම් අන්තවාදය පරාජය කළ නොහැකි බවය. ඉහත සඳහන් කළ විද්වතුන්ට අනුව ලෝකයේ ප‍්‍රචණ්ඩලෙස ඉස්ලාම් අන්තවාදය පතුරුවමින් ඉස්ලාම් රාජ්‍යයන් ගොඩනගා ඇති රටවල් ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී පෙනීයන්නේ එම ක‍්‍රියාන්විතය තුළ අදියර 03ක් තිබෙන බවයි.  සාමකාමී කාලය  හෙවත් පළමු අදියර ඉතා සාමකාමී වන අතර එම කාලය තුළ කුඩා ජනකණ්ඩායම් රට තුළ තහවුරුවීම සහ සමාජ සබඳතාවයන් සහ ආර්ථික තත්වයන් වර්ධනය කරගැනීම සහ ඉඩම් අත්පත් කර ගැනීම ආදිය සිදුවේ. දෙවන අදියර යම් බලයක් සහිතව ගැටුම් ඇතිකර ගැනීම ආරම්භවන අවධියයි. තුන්වන අවධිය ගැටුම් වර්ධනය කරමින් ආධිපත්‍යයට නතු කිරීමේ අවධියයි. එම විද්වත් පැහැදිළි කිරීම් අනුව ශ‍්‍රී ලංකාව මේ වන විට පවතින්නේ දෙවන අදියරේ මුල් වකවානුව හෙවත් අන්තර්කාලීන වකවානුවකය. ඉහත සඳහන් කළ පළමු අදියරේදී භාවිතාවන මූලික උපාංගය ‘‘අල්ටාකියා’’ බව කියවේ. එනම් ස්වර්ගයට යෑම සඳහා බොරුකීම සහ රැවටීමය. නමුත් දෙවන අදියරේදී යොදාගන්නා උපාංගය ජිහාඩ් හෙවත් දෙවියන් වෙනුවෙන් යුදවැදීම බව ලෝකයපුරා තහවුරු වී ඇත.

මුස්ලිම් දේශපාලන නායකයින් එම පළමු අදියරේදී හැසිරෙන ආකාරය සහ දෙවන අදියරේදී හැසිරෙන ආකාරය අතර වෙනස ශ‍්‍රී ලංකාවේ ජනතාවට වටහා ගනීම ආමාරු නොවේ. විද්වත් මතය අනුව ඉස්ලාම් අන්තවාදී ක‍්‍රියාන්විතය පාපන්දු ක‍්‍රිඩාවට සමාන කළ හැක. එහිදී ප‍්‍රහාරකයින්, ආරක්ෂකයින් සහ ගෝල රකින්නන් වශයෙන් භූමිකා ත‍්‍රිත්වයක් හඳුනාගත හැක. සහරාන් වැන්නවුන් අයත් වන්නේ පළමු කණ්ඩායමටයි. විවිධ මධ්‍යස්ථ යැයි පෙන්වන සමාජ බලය සහිත කණ්ඩායම් දෙවන කාණ්ඩයට අයත්වන අතර තුන්වන භූමිකාව හෙවත් ගෝල් රැකීමේ භූමිකාව ඉටුකරන්නේ රාජ්‍ය තුළ නියෝජනය වෙමින් ඇමතිකම් දරන දේශපාලන නායකයින් විසිනි. ශ‍්‍රී ලංකාව වැනි රටක ගොල් රකින්නන් විසින් ගෝල් පුවරුව වෙනස් කරන ආකාරයද දකිය හැකිය. ඒ නිසා රජය විසින් කුමන පියවර ගනු ලබුවද ජනතාව විසින් ඉස්ලාම් අන්තවාදීන්ට ඇමතිකම් ලැබෙන ආණ්ඩුවක් හදන්නේනම් ඉස්ලාම් අන්තවාදය පරාජය කළ නොහැකි බව සක් සුදක් සේ පැහැදිලිය.

වෛද්‍ය වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More