පාස්කු ඉරිදා ප්‍රහාරකයන් පිටුපස සිටි මහ මොළකරුවන් හඳුනා ගැනීම ඔවුනට දඬුවම් නියම කිරිම සහ නැවත මෙවැනි ප්‍රහාරයක් ශ්‍රි ලංකාව තුළ ඇති නොවීම පිණිස ජාතියක් ලෙස ගත යුතු ක්‍රියා මාගර් සම්බන්ධයෙන් සංවාදයක් ඇති කර ගැනීම පිණිස ජාතික සංවිධාන එකමුතුව විසින් අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් වහන්සේ හමුවීමට කටයුතු කළහ. ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර,නීතිඥ කල්යානන්ද තිරාණගම, නීතිඥ මධුමාලි අල්විස්,ජීවන්ත ජයතිස්ස, ගෝලීය ශ්‍රී ලාංකීය සංසදයේ ශ්‍රී ලංකාවේ නිත්‍යය නියෝජිත නීතිඥ නුවන් බැල්ලන්තුඩාව සහ ගෝලීය ශ්‍රී ලාංකීය සංසදයේ නියෝජිත ප්‍රිමාල් ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගි වූහ.
කොළඹ අගරදගුරු ගරු මැල්කම් රංජිත් හිමිපානන් සමගින් රදගුරු මඩුල්ලක් සහ කතෝලික පියතුමන්ලා කණ්ඩායමක් සහභාගි වුහ. එහිදී ජාතික සංවිධාන එකමුතුව සියනෑ සමුළුවේදී සම්මත කරගනු ලැබූ ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීම පිණිස කළ යුතු වන කරුණු 22කින් සමන්විත වූ යෝජනා මාලාව සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධරණය ඉටු කිරීම සහ ඉස්ලාම් අන්තවාදයෙන් සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව මුදවා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යෝජනා කළ ලිපියද උන්වහන්සේලා වෙත පිළිගන්වනු ලැබීමද විශේෂත්වයකි. ඉදිරියේදී පොදු වැඩපිළිවෙලක් තුළට ගොනු වෙමින් කටයුතු කිරීමේ ඇති අවශ්‍යයතාවය දෙපාර්ශවයම විසින් අවධාරණය කරණු ලැබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...