ප‍්‍රධාන පුවත්

කොවිඩ් වසංගතය ඉතා දරුණු සහ සාහසික ලෙස ලොව කිසිදු රටක ව්‍යාප්ත නොවූ ලෙසට මේ වන විට ඉන්දියාව තුළ නව ව්‍යාප්තිය අරඹා තිබේ. මැයි (01)සිට ඉන්දියාවේ කොවිඩ් සංඛ්‍යාව මිලියන 19 ඉක්මවා ගියේ සමස්ත ලෝකයම එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් වූ 402110 වාර්තා කරමිනි. ලක්ෂ02 ඉක්මවා ගොස් ඇති මරණ සංඛ්‍යාවක්ද වාර්තා කරමිනි.ඉන්දියාව සතුව එන්නතක් පවා තිබිය දී රුදුරු ලෙස වෛරසය පැතිරී යන බව ඉන්දීය රජයේ ප්‍රධාන විද්‍යාත්මක උපදේශක විජයරාවන් මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටී.
මීට පෙර අමිතාබ් බච්චන් ,ආශ්චර්යා රායි ආදී සිනමා තරු ආසාදිතයන් බවට පත් කරමින් සහ තවත් කලා ශිල්පීන් රැසක් බිලි ගනිමින් ව්‍යාප්ත වූ කොරෝනා වසංගතය අලුත්ම බිල්ල බවට පත් වූ ප්‍රවීණ දමිළ සිනමාවේ දී ,කැමරා අධ්‍යක්ෂ කේ.වී.ආනන්දය මිය යන විට 54 හැවිරිදි වියේ පසුවූ අතර දමිළ සිනමාවට අනගි මෙහෙයක් ඉටුකළ අතර කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස දායකත්වය ලබා දුන් සිය කුලුඳුල් සිනමා පටයෙන්ම හොඳම කැමරා අධ්‍යක්ෂවරයාට හිමි ඉන්දීය ජාතික සිනමා සම්මානය 1995 හි ඔහු දිනා ගත්තේය.”තෙන්මාවින් කොම්බත්”සිනමා පටය වෙනුවෙනි.තවද ඔහු 2007 වසරේ දී සිවාජි සිනමාපටය වෙනුවෙන් කැමරාකරණය උදෙසා ෆිල්ම්ෆෙයාර් සම්මානකින් පිදුම් ලැබුවේය.ඔහුගේ වියෝව ඉන්දීය සිනමාවට එල්ල වූ ප්‍රබල පාඩුවක් මෙන්ම කොවිඩ් ගෝලීය වසංගතයේ ඉන්දියාවේ ඛේදවාචකය මනාව කියා පාන්නකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More