අද (01) දින පෙරවරු 6න් අවසන් වු පැය 24 තුළ හඳුනාගත් වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර එම දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ නව ආසාදිතයින් 329 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පමණක් ඊයේ නව ආසාදිතයින් 93 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පන්නල ප්‍රදේශයෙන් නව ආසාදිතයින් 60 දෙනෙකු හඳුනාගෙන තිබේ.
මෙරට දෛනික වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාකරමින් ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතයින් 1,662 දෙනෙකු හඳුනාගැණුනි.
ඉන් 26 දෙනෙකු විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින් වන අතර සෙසු 1,636 දෙනා දිස්ත්‍රික්ක 24කින් වාර්තා වී තිබේ.
ඊයේ දිනයේ ආසාදිතයින් 100 ඉක්මවු සංඛ්‍යාවක් දිස්ත්‍රික්ක 06කින් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 317 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 193 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 114 දෙනෙකු, මාතලේ දිස්ත්‍රික්කයෙන් 101 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 100 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබේ.
මේ වන විට මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 108,146ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 678ක් වේ.
සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවෙන් 95,975 දෙනෙකු සුවය ලබා ඇති අතර සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 11,504 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 තත්වය ඉන්දියාවට සමාන කළ හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...