දේශීය පුවත්

අද මධ්‍යම රාත්‍රියේ සිට එළෙඹෙන මැයි මස 17 වෙනිදා දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති බවට අසත්‍ය ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් ඇති බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

අප විසින් සිදුකළ සොයා බැලීමකදී එක්තරා ‍යොඋටුබෙ නාලිකාවක් විසින් මෙම අසත්‍ය පුවත ප්‍රචාරය කර ඇති බවයි හෙලිවුයේ.

මෙවැනි අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම හරහා මහජනතාව අතර අනවශ්‍ය කලබලයක් සහ කැළඹීමක් ඇතිවන කටයුතු කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාකරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේ.

එමෙන්ම මෙවැනි අසත්‍ය පුවත් වලට නොරැවටෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාව ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.
(මව්රට)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More