ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 402,110 දෙනෙකු වාර්තා වී තිබේ. එය දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවයි. එම කාලය තුළ වාර්තා වන මරණ සංඛ්‍යාව 3,522 කි.

මේ අතර තවත් වයස් කාණ්ඩයක පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නත ලබාදීම අද ඉන්දියාවේ මුම්බායි නුවරදී ආරම්භ වේ. ඒ, අවුරුදු 18 හා 44 අතර වයසේ පසුවන පුද්ගලයින්ටයි. මුම්බායි නුවර රෝහල් 05 කදී එන්නත් ලබා දීම සිදුවන බව ඉන්දීය වාර්තා අනාවරණ කළේ ය.
කෙසේවෙතත් එම වයස් ඛාණ්ඩය සඳහා ඉතිරිව ඇත්තේ එන්නත් මාත්‍රා 20,000 ක් පමණයි. පෝලිමේ ගොස් එන්නත ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට අවසර දී නොමැත. ඉන්දීය බලධාරීන් අවධාරණය කර ඇත්තේ, ඔන්ලයින් ඔස්සේ ලියාපදිංචි වූවන්ට පමණක් එන්නත ලබාදෙන බවය.
(සිරස)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...