දේශීය පුවත්

ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් පණිවිඩය

“එක් රටක්! එක් නීතියක්!” යථාර්ථයක් බවට පත් කොට සැමට සමානව සලකමු!

පැය අටක වැඩ මුරයක් ඉල්ලා සටන් වැද එම සටනේ දී දිවි දුන් කම්කරු විරුවන් සමරමින් ඇරැඹි ‘ජාත්‍යන්තර කම්කරු දිනයේ’ 135 වැන්න යෙදී ඇත්තේ අදට ය. ලෝක ව්‍යාප්තව පැතිර යමින් ඇති කොරෝනා වසංගතය හේතුවෙන් ඉකුත් වසරේ මෙන්ම මෙවර ද ලොව පුරා වෙසෙන වැඩකරන ජනතාවට තම ශක්තිය විදහාපාන දැවැන්ත මැයි දින පෙළපාලි, රැලි සහිත සැමරුම් අහිමිව ඇති මොහොතක ඔවුන් ඒකාත්මික කෙරෙන නිවැරදි දැක්මක අවශ්‍යතාව අද අන් කවරදාටත් වඩා අවශ්‍යව තිබේ. මේ මොහොතේ ලොව පුරා වෙසෙන වැඩකරන ජනතාවට අවබෝධ කර දී ඇති යථාර්ථය වන්නේ නව ලිබරල්වාදී “පැලැස්තර” ඇලවීමෙන් තමන් පමණක් නොව මුළුමහත් සමාජය මුහුණ දී ඇති ප්‍රශ්න විසඳිය නොහැකි බවය.

සමාජය තුළ මතුව ඇති ප්‍රශ්න ඒවායේ මූලයන් සොයා ගොස් විසඳිය යුතු බව ය. මෙරට ජන සමාජයෙහි වෙසෙන වැඩකරන ජනතාවට අදාළව ගත් කල් නිදසුන් ලෙස ගොවියා වනසා කම්කරුවාට සහන දිය නොහැකි බවත් ජීවන වියදම අඩු කළ හැක්කේ නිෂ්පාදනය වැඩි කිරීමෙන් බවත් ජාතික ආර්ථිකය ශක්තිමත් කොට කම්කරුවාට සහන දීම සඳහා දේශීය නිෂ්පාදන මිලදී ගත යුතු බවත් ඔවුන් ගැඹුරින් තේරුම් ගත යුතුය.

එසේම හුදකලා පන්ති සටනක් තුළ ජයග්‍රහණ නොමැති බවත් පන්ති සටන තිබිය යුත්තේ අධිරාජ්‍ය විරෝධී අරගලය තුළ බවත් අද සමස්ත ලෝකවාසී වැඩකරන ජනතාව ඉදිරියේ අවධාරණය කෙරී තිබේ. නූතන අධිරාජ්‍යවාදීන් ආපදාවන්ට සහන සැලසීමේ මුවාවෙන් රටවල් තුළට කඩා වැදී රටවල් දුර්වල කරන ‘ආපදා අධිරාජ්‍යවාදය’ නිසි ලෙස වටහා ගෙන ඊට එරෙහිව වැඩකරන ජනතා බලය පෙන්වීම ද මේ මොහොතේ වැඩකරන ජනතාව හමුවේ වන අත්හළ නොහැකි වගකීමකි.

ඉස්ලාම් අන්තවාදය ජාතික සමගියට බාධාවක් බැවින් ඊට එරෙහි වීම ද ක්ෂුද්‍ර මූල්‍ය වහල්භාවයෙන් දුප්පතුන් ගලවා ගැනීම ද මෙරට වැඩ කරන ජනතාවගේ වැටුප් විෂමතාව වහා නිරවුල් කිරීම ද විදේශ රැකියා නියුක්තිකයන්ගේ ආරක්ෂාව සහ අයිතීන් තහවුරු කිරීම ද යන මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් කරන යෝජනා රට හමුවේ තැබීමට ද මෙය අවස්ථාවක් කරගනිමි.

අවසන් වශයෙන් ස්වදේශිකත්වය බලගන්වමින් අප යන ගමන තුළ රට හමුවේ වන බරපතළ අභියෝග ජය ගනු වස් ‘එක් රටක් – එක් නීතියක්’ තේමා පාඨය යථාවත් කර ‘සැමට සමාන අධ්‍යාපනයක් – සමාන විවාහ නීතියක්’ ස්ථාපිත කරවා සැමට සමානව සලකනු ලබන සමාජයක් ගොඩනැගීමට අත්වැල් බැඳ ගන්නා ලෙස මෙරට වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

විමල් වීරවංශ (පා.ම.)
කර්මාන්ත අමාත්‍ය,
නායක, ජාතික නිදහස් පෙරමුණ
2021.05.01



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More