අමෙරිකාවේ චිකාගෝ නුවරට 1886 මැයි මස 01 වැනි දින රැස් වූ කම්කරුවන් පිරිසක් තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවක නිරත වූහ.දින කිහිපයක් පැවති විරෝධතාවලට චිකාගෝ පොලීසිය විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.
ප්‍රහාරය හේතුවෙන් කම්කරුවන් විශාල පිරිසක් මියගිය අතර තවත් පිරිසක් අත්අඩංගුවට පත්විය.
චිකාගෝ කම්කරුවන් දියත් කළ එම අරගලය ආරම්භ වූ මැයි මස පළමු වැනි දින ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත්කිරීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානය 1889 වසරේදී පියවර ගත් අතර එදින සිට සෑම වසරකම මැයි මස පළමු වැනි දින ලෝකයේ සෑම රටක්ම ලෝක කම්කරු දිනය සමරනු ලබති.
කම්කරු දිනය සිහිකරමින් පෙළපාලි, රැළි සහ උත්සව කටයුතු සංවිධානය කිරීම් ලොව සෑම රටකම සිදුකෙරේ.
කෙසේවෙතත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ලෝකය පුරා මෙවර ලෝක කම්කරු දින සැමරුම් උත්සව සහ රැළි තහනම් කිරිමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ පසුගිය වසරේද කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මැයි දින සැමරුම් නොපැවැත්වුණු අතර 2019 වසරේ සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මැයි දින සැමරුම්වලට සීමාවන් සහ බාධාවන් පැමිණ තිබුණි.
මෙවර මැයි දිනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා මාධ්‍යය වෙත පවසා සිටියේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි කිසිදු අයුරකින් සැමරුම් උත්සව නොපැත්වීමට තම පක්ෂය තීරණය කළ බවයි.
නමුත් ශ්‍රී ලංකාවේ සමහර දේශපාලන පක්ෂ කිහිපයක් අන්තර්ජාලය භාවිත කරමින් සමාජ මාධ්‍ය හරහා කම්කරු දින සැමරුම් වැඩසටහන් සංවිධානය කර ඇති බව වාර්තාවේ.
ඒ අනුව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා පවසා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අන්තර්ජාලය හරහා කම්කරු දිනය සැමරීමට කටයුතු කරන බවය.
ජාතික නිදහස් පෙරමුණද අන්තර්ජාලය ඔස්සේ තම මැයි දින සැමරුම සිදු කිරීමට කටයුතු කර ඇති බව වාර්තාවේ.
පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිය පක්ෂය කම්කරු දිනය සැමරීමට කටයුතු කරන බව එම පවසා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණ ද සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් සිය පක්ෂයේ කම්කරු දින සැමරුම් උත්සව පැවැත්විමට සූදානම් කර ඇති බව වාර්තා වේ.
මේ අතර මැයි දින පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ නිෂ්පාදන ආර්ථිකය ඉහළ නැංවීම සඳහා වැඩකරන ජනතාව අධිෂ්ඨාන කරගත යුතු බව ප්‍රකාශ කර සිටී.
ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා තම පක්ෂයේ මැයි දිනය සම්බන්ධයෙන් දැනුම් දිම පිණිස සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමාජයේ පවතින සුරාකෑම නැති කිරීම මඟින් පමණක් රට දියුණු කළ හැකි බව පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...