දේශීය පුවත්

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියූදීන් මහතා පසුගිය 24 වනදා ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ප්‍රශ්න කිරිම් සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍යය වෙත කරුණු දක්වමින් පවසා සිටියේය.

මේ අතර “නිව් ඉන්ඩියන් එස්ප්‍රස්” පුවත් සේවය වාර්තා කර සිටියේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඉන්දියාවේ කේරළය සමග පැවති සම්බන්ධතා පිළිබඳ ව ඉන්දීය ආරක්ෂක අංශ විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

2009 වසරේදී කේරළයේ “කසරාගොඩ්” ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් රිෂාඩ් බදියුදීන් මහතා එහි ආගමික නායකයින් සමග සබඳතා පවත්වා ඇති බවට අනාවරණ වී ඇති බව “නිව් ඉන්ඩියන් එස්ප්‍රස්” පුවත් සේවය වාර්තා කර සිටී .

එමෙන්ම 2013 වසරේදී රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේදී චෙන්නායි හි කළ සංචාරයක් අතරතුර අදාළ පාර්ශව සමග සබඳතා ගොඩනගා ඇති බවට අනාවරණ වී ඇති බවද එම පුවත් සේවය වැඩිදුරටත් පවසා සිටී..

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ සහ කේරළ පොලිසිය දැනටමත් පරික්ෂණ ආරම්භ කර තිබේ.

“නිව් ඉන්ඩියන් එස්ප්‍රස්” පුවත් සේවය පවසන්නේ රිෂාඩ් බදියුදීන්ගේ පියා කසරාගොඩ් හි පඩ්නා ප්‍රදේශයේ පුද්ගලයෙක් වන බවත් ඔහු එම ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකු සමග සබඳතා පවත්වා ඇති බව ඉන්දීය බුද්ධි අංශ විසින් අනාවරණය කර බවත්ය.

මේ අතර කේරළ කසරාගොඩ් ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණ මුස්ලිම් පවුල් 05ක් එම ප්‍රදේශයෙන් එක්වරම අනතුරුදන්ව ඇති අතර ඔවුන් 2016 වසරේදී සිරියාවට පැනගොස් අයි. එස්. සංවිධානයට බැඳී ඇති බවට ද ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බවද “නිව් ඉන්ඩියන් එස්ප්‍රස්” පුවත් සේවය පවසා සිටී.

එසේ සිරියාවට පැන යාමට පෙර ඔවුන්ගෙන් කිහිපදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ පිරිස් හමු වී ඇති බවට ද හෙළිවී ඇති බව “නිව් ඉන්ඩියන් එස්ප්‍රස්” පුවත් සේවය අනාවරණය කර සිටී.

IB to probe Kerala links of Lankan MP held in Easter Day bombings

 

.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More