දේශීය පුවත්

රුපියල් කෝටි 32 කට ආසන්න වටිනාකමින් යුත් රත්තරන් කිලෝ 26 ක් සමඟ ගුවන් තොටුපළ නඩත්තු සේවකයකු සහ ගුවන් මගියකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන් අද (30) දින පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු ඉතිහාසයේ එකවර අත්අඩංගුවට ගත් වැඩිම වටිනාකමින් යුත් රත්තරන් තොගය මෙය බව ද රේගුව පවසයි.

රේගුව මේ මස 4 වැනිදා අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 22 කට අධික වටිනාකමින් යුත් කිලෝ 17 ක් බර රන් බිස්කට් 161 ක මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ ඉහළම වටිනාකමින් යුත් රත්තරන් තොගය වේ.

මෙම රන් කිලෝ විසිහයට රන් බිස්කට් සහ ස්වර්ණාභරණ ඇතුළත් බවත් අත්අඩංගුවටගත් ගුවන් තොටුපල නඩත්තු සේවකයා රත්තරන් තොගය ශරීරිය තුළ සඟවාගෙන ගුවන් තොටුපල පරිශ‍්‍රයෙන් පිටකිරීමට සූදානම් වූ බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.
(ලංකාදීප)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More