රට ලොක්ඩවුන් කොට සමාජයේ සිටින සියලුම කොවිඩ් ආසාදිතයින් සොයා පරීක්ෂණ සිදුකළ යුතු පසුබිමක් පෙනි පෙනී තිබියදී එසේ කරනු වෙනුවට දැනට දිස්ත්‍රික්ක මට්ටමින් කරගෙන යන අහඹූ පීසීආර් පරීක්ෂණ වහාම නවත්වන්නැයි බලධාරීන් දන්වා ඇතැයිද” එය ඉතාම කණගාටුදායී තීරණයක් යයිද ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අද (29) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
ඔහු මෙසේද කීය.
“අද දිනය වෙද්දී ලංකාව ඉතාම භයානක තැනකට තල්ලු වෙලා තියෙනවා. අවදානම් තත්වය දවසින් දවස වැඩිවෙමින් එනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කීපයේ මීටත් වැඩිවෙච්ච රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවෙයි කියලා. නමුත් කණගාටුදායි තත්වය අද වෙද්දි ලංකාවෙ දිස්ත්‍රික්ක කිහිපයකට දැනුම් දීලා තියෙනවා අහඹු පීසීආර් පරීක්ෂණ වහාම අත්හිටුවන්න කියලා.”
“දැන් මේ පවතින තත්වය හමුවේ පීසීආර් පරීක්ෂණ අත්හිටුවීම කියන එක තවත් මේ තත්වය තීව්‍ර කරන්න හේතුවෙන් පුලුවන්. පීසීආර් පරීක්ෂණ සඳහා අවශ්‍ය ද්‍රව්‍යවල හිඟයක් හරි එහෙම ගැටලුවක් හරි තියනවා නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා රටේ ජනතාව දැනුවත් කරන එකයි කළ යුත්තේ. එහෙම නැතුව පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව අඩු කරලා රටේ රෝගීන් අඩුවෙනවා කියල ජනතාව තුළ යම් සහනදායි මතයක් ඇති කළොත් ඒක තවත් මේ රෝගය පැතිරීම සඳහා ඉවහල් වෙන්න පුළුවන් කියන එක තමා අපට අවධාරණය කරන්න තියෙන්නේ.”
(මව්රට)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...