මුස්ලිම් පල්ලිවල සිදු කෙරෙන ජනතාව එක්රැස් කෙරෙන ආගමික කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන්නැයි මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, සිකුරාදා දිනයේ සහ රාමසාන් මාසයේ සිදු කෙරෙන රාත්‍රී කාලයේ ජනතාව රැස්වන යාඥා නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බවයි.
දිනකට පස් වතාවක් ජනතාව රැස් වී සිදු කෙරෙන යාඥාව පුද්ගලයින් 25 දෙනෙකුට සිමා කළ යුතු ය.
එම යාඥා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසි ලෙස අනුගමනය කරමින් කළයුතු බව ද මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
(සිරස)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...