දේශීය පුවත්

මෙරටින් සොයා ගනු ලැබ ඇති බී.1.1.7 අධි සැරති විකෘති කොවිඩ් වෛරස් ප‍්‍රභේදය හෝ දැනට ලොවෙහි පවතින කිසිදු කොවිඩ් වෛරස් ප‍්‍රභේදයකට ඇති එකම විසඳුම කුමනාකාරයේ හෝ නමකින් ඇති එන්නත්කරණයන් පමණකැයි සිතන්නේ නම් එය විශාල මුලාවක් වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ‘‘දිවයිනට’’ ඊයේ (28) දින ප‍්‍රකාශ කළේය.

කොවිඩ් වෛරස් ප‍්‍රභේදයන් වෙනුවෙන් දැනට ලෝකය භාවිත කරනු ලබන කුමන එන්නතක් හෝ ලබාගත් පුද්ගලයකුට කොවිඩ් රෝග තත්ත්වයන් ඇතිවීමේ ප‍්‍රවනතාවක් පවතින බවත් එවන් පුද්ගලයකුට වුව ද සමස්ත සමාජයකටම වෛරසය බෙදාහැරීමේ හැකියාවක් ද පවතින බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

කොවිඩ් වෛරස රෝගී තත්ත්වයන් වළකාලීමේ අරමුණින් සහ පාලනය කිරීමේ අරමුණින් මේ වන විට ලෝකය පුරා භාවිත කරනු ලබන කුමන හෝ එන්නතකින් සිදු කරනු ලබන්නේ රෝග ව්‍යාප්තිය පාලනය, සංකූලතා ඇතිවීම පාලනය සහ ශරීර ප‍්‍රතිශක්තීකරණයට උපකාර කිරීම පමණකැයි ද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.

එම නිසා පවතින තත්ත්වය හමුවේ කුමන එන්නතක් ලබාගත්ත ද සෞඛ්‍ය අංශ ලබා දී ඇති නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපිළිපදින්නේ නම් ඉන්දියාව ඇතුළු ලොව සෙසු රටවල් අත්විඳිණු ලබන ශෝකජනක අත්දැකීමට මුහුණ දීමට අපට ද සිදුවනු ඇතැයි ද වෛද්‍යවරයා අවධාරණය කළේය.

ශ‍්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින කොවිඩ් දැඩි අවදානමෙන් විදීමට නම් මෙරට වැඩිහිටි ජනතාවගෙන් සියයට අනූපහකට ආසන්න සංඛ්‍යාවකට එන්නත්කරණය සිදු කළ යුතුව පවතින බවද කී වෛද්‍ය නවීන් ද සොයිසා මහතා එය ඉතා ඉක්මනින්ම කළ යුතු වටාපිටාවක් මේ වන විට මෙරට තුළ නිර්මාණය වී ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.

(සුජීව තත්සර – දිවයින)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More