දේශීය පුවත්

ජාතික සංවිධාන එකමුතුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් පවසා සිටින්නේ රජය විසින් ඉස්ලාම් අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීම සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා අත්අඩංගුවට ගැනීම මගින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටුකිරීම සඳහා වන උවමනාව මහජනයාට ප්‍රදර්ශනය කිරීම පිළිබඳව ජනාධිපති තුමාට ජාතික සංවිධාන් එකමුතුවේ ප්‍රණාමය පුදකර සිටින බවයි. එසේ කිරීම මගින් මෙතෙක් කාලයක් මහජනයාගේ සිත්තුළ පැවති අවිනිශ්චිත තත්වයන් සමනය වූ බවත් ඒ පිළිබඳව මහජනයාගේ ප්‍රසාදය රජයට හිමිවන බව ජාතික සංවිධාන ලෙස නිරීක්ෂණය කළ බවද පවසා සිටී. ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් එහි කැඳවුම්කරු ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එම ලිපිය යවා ඇත. එම ලිපිය පහතින්…

 

අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

ගරු ජනාධිපතිතුමනි,

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටුකිරීම සහ ඉස්ලාම් අන්තවාදයෙන් මුස්ලිම් ජනතාව ඇතුළු සමස්ථ ජාතිය බේරා ගැනීම

පළමුවෙන්ම රජය විසින් ඉස්ලාම් අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීම සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා අත්අඩංගුවට ගැනීම මගින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටුකිරීම සඳහා වන උවමනාව මහජනයාට ප්‍රදර්ශනය කිරීම පිළිබඳව ඔබතුමාට අපගේ ප්‍රණාමය පුදකර සිටිමි. ඒ මගින් මෙතෙක් කාලයක් මහජනයාගේ සිත්තුළ පැවති අවිනිශ්චිත තත්වයන් සමනය වූ බවත් ඒ පිළිබඳව ඔවුන්ගේ ප්‍රසාදය රජයට හිමිවන බවත් ජාතික සංවිධාන ලෙස අප නිරීක්ෂණය කරමු.

ඉස්ලාම් අන්තවාදය ප්‍රචලිත කිරීමේ උපාය මාර්ගික ප්‍රවේශය අධ්‍යයනය කොට ඇති මහාචාර්ය බිල් වොර්නර් වැනි විද්වතුන්ගේ මතය අනුව එම ක්‍රියාවලිය පාපන්දු ක්‍රීඩාවට සමාන කළ හැක. එහිදී සහරාන් වැන්නවුන් අයත් වන්නේ ප්‍රහාරකයින් කණ්ඩායමටය. දෙවනුව ආරක්ෂකයින්ගේ කණ්ඩායමට අයත් වන්නේ විවිධ ආගමික, සමාජීය සහ දේශපාලන සංවිධාන ඡාලයයි. ඊට රාජ්‍ය නොවන සංවිධාන ඡාලයද අයත්වේ. තුන්වනුව ගෝල් රකින්නාගේ භූමිකාව හිමිවන්නේ කුමන හෝ පවතින රජය තුළ නියෝජනය වෙමින් අමාත්‍යධුර හොඹවන මුස්ලිම් දේශපාලන නායකයන්ටය. ඔවුන් පටු දේශපාලන වාසි සඳහා ප්‍රහාරකයින්ට සහ ආරක්ෂකයින්ට අවස්ථාව සහ ආරක්ෂාව සලසන අතර සෑම විටම අන්තවාදයට එරෙහි ප්‍රහාර වළැක්වීමට ක්‍රියා කරති.

එනිසා ඉස්ලාම් අන්තවාදය මව්බිමෙන් අතුගා දමීමේ ජාතික අවශ්‍යතාවය ඉටුකිරීම සඳහා බහුවිධ ක්‍රියාමාර්ග ප්‍රමාණ්‍යක් සමස්ථයක් ලෙස හෙවත් පැකේජයක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බව අපගේ නිගමනය වේ. ඒ අනුව ජාතික සංවිධාන එකමුතුව විසින් මහජන සමුළුවකදී අනුමත කළ යෝජනා 22ක් සහිත යෝජනා මාලාව  ඔබතුමාගේ අවධානය පිණිස මෙසේ ඉදිරිපත් කරමු. ඊට අමතරව අපරාධ නීති ක්‍රියාවලිය විධිමත්ව සහ අපක්ෂපාතීව සිදුකිරීම සඳහා පොලිස් ඒකකයක් පිහිටුවන ලෙස සහ සමස්ථය කළමනාකරණය කිරීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවන ලෙස ද ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.  අප සංවිධානය විසින්  මහජනයා දනුවත් කිරීම සඳහා බෙදාහරින ලද පත්‍රිකාවක පිටපතක් ද මේ සමඟ අමුණා එවමු.

ඔබතුමාට තෙරුවන් සරණයි.

ආචාර්ය ගුණදාස අමරසේකර
කැදවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව
2021.04.27

පිටපත්: – 1. ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් වෙත.
2. අතිඋතුම් මල්කම් රංජිත් කාදිනල්තුමා වෙත
3. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්‍ෂ නායකයින් වෙත.  



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More