මේ වන විට රට පුරා සීග්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති නිසා රට තුළ වහාම සංචරණ සීමා පැනවීමට පියවර ගතයුතු යැයි ද කොරෝනා ආසාදිතයන් රට පුරා ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ සංචරණ සීමා පැනවීම හැර වෙනත් කිසිදු විකල්පයක් නැතැයි ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.
එසේ සිදු නොකළහොත් ඉදිරියේදී දැඩි අවදානම් තත්ත්වයකට රට පත්වෙන ලකුණු පහළ වී ඇතැයිද ඒ මහතා පවසයි.
අද වන විට රට පුරා තැනින් තැන කොරෝනා අනු පොකුරු වාර්තා වන බවත් ඇතැම් ප්‍රදේශවල සිදු කරන අහඹු ඵ්CR පරික්ෂණවලදී ආසාදිතයන් ප්‍රතිශතය 30% පමණ වන බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ තත්ත්වය මත වූ වහාම රට ලොක්ඩවුන් කර උප පොකුරු හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීමට මැදිහත් විය යුතු බවත් ඒ මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...