ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති සිංහරාජ අභය භුමිය ආශ්‍රිතව පිහිටි පරිවාර රක්ෂිත කළාප එළි පෙහෙලි කර නීති විරෝධී ආකාරයෙන් සිදු කරණ වගා කටයුතු, ඉදිකිරීම් සහ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වහාම නීතිමය පියවර ගන්නා ලෙසට බළධාරීන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හෙමන්ත විතානගේ මහතා විසින් අද (28) දින අභියාචනාධිකරණයට රිට් ආඥා පෙත්මක් ගොනු කර තිබේ.
විවිධ පාර්ශව විසින් සිදු කරණ එවැනි නීති විරෝධී ක්‍රියා නිසා සිංහරාජ අභය භුමිය සහ ආශ්‍රිත පරිවාර රක්ෂිත කළාපවල ජෛව විවිධත්වයට පමණක් නොව අලි ඇතුන් ඇතුළු වන සතුන්ට ද විශාල හානියක් වී ඇති බව ද පෙත්සම් කරුවන් එමගින් අධිඅකරණයට පෙන්වා දී තිබෙනවා.
පෙත්මේ වග උත්තරකරුවන් ලෙස වන ජීවී අමාත්‍ය වරයා, වන ජීවී අමාත්‍යාංශ ලේකම්, වන ජීවී අධ්‍යක්ෂ ජෙනරාල්, පරිසර අමාත්‍යාංශ ලේකම් සහ නීතිපති නම් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...