දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, අයදුම්පත් යොමු කළ පක්ෂ 40 ක් අතුරින් 18 ක්, සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති බවය.
දින 3ක් පුරා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ, හෙට (29 ) දින අවසන් වීමට නියමිතය.
ඒ සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කර ඇතැයි නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේය.
අදියර 2ක් යටතේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව සුදුසුකම් ලබන පක්ෂ, ලියාපදිංචි කිරීමට නියමිතය.
මේ වනවිට මෙරට තුළ ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 76කි.
(සිරස)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...