ශී‍්‍ර ලංකා නාවික හමුදාව විසින් 2015 වසරේ එම්. වී. ඇවන්ගාඞ් නමැති නෞකාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි තිබූ දෙලක්ෂ දෙදහස් නමසිය අනූපහක් වූ ස්වයංකී‍්‍රය ගිනිඅවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ ප‍්‍රවාහනය කිරීමට නිසි බලපත‍්‍රයක් තිබූ බව විත්තිය අද දිනයේදී හෝ සනාථ කරන්නේ නම් විත්තියට එරෙහිව ගොනුකර ඇති අධිචෝදනා පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා සූදානම් බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා කොළඹ විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණයට පෙන්වා දුන්නේය.
මෙම නඩුකරය ආරම්භ කිරීමට පෙර 2019 සැප්තැම්බර් 27 වැනිදා තමා ඒ බව අධිකරණයට පෙන්වාදුන්නා සේම අදත් ඒ බව පෙන්වාදීමට නොපැකිළෙන බව ද නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ලේ දේශනය ආරම්භ කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විනිසුරු මඩුල්ලට කියා සිටියේය.
කිසිදු පාර්ශ්වයකට එරෙහිව අසත්‍ය චෝදනා නැගීමේ අවශ්‍යතාවක් තම දෙපාර්තමේන්තුවට නොමැති බවත් නීතිපති දෙපාර්තමේන්තුව යම් අධිකරණයක් හමුවේ අධිචෝදනා ගොනුකරනුයේ ඉදිරිපත්වන සාක්ෂි මත පදනම්ව බවත් එහිදී පෙන්වාදුන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා පැමිණිල්ල ඉදිරිපත්කළ චෝදනා අසත්‍ය නම් එකී ජීව උණ්ඩවලට අදාළ නීති බලපත‍්‍ර අධිකරණයට ඉදිරිපත්කර චෝදනාවලින් නිදහස්වීමේ සම්පූර්ණ අයිතිය විත්තියට ඇතැයි ද පෙන්වාදුන්නේය.
ඇවන්ගාඞ් මැරිටයිම් සර්විසස් සමාගමට අයත් එම්. වී. ඇවන්ගාඞ් නමැති නෞකාවේ නීති විරෝධී අන්දමින් ජීව උණ්ඩ ප‍්‍රවාහනය කිරීම, ඒ සඳහා නිසි බලපත‍්‍ර ඇති බවට අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම ඇතුළු අධිචෝදනා 19ක් යටතේ විත්තිකරුවන් අටදෙනකුට එරෙහිව පවරා තිබූ නඩුව ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන කොළඹ විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා එලෙස ප‍්‍රකාශ කළේය.
ඇවන්ගාඞ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති විශ‍්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති, රක්නා ලංකා සමාගමේ සභාපතිවරයකු ලෙස කටයුතුකළ වික්ටර් සමරවීර, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන් දිසානායක, විශ්වජිත් නන්දන දියබලනගේ, නිලූපුල් ද කොස්තා, ඇල්බට් තිලකරත්න, බාලසුබ‍්‍රමනියම් පේ‍්‍රමචන්ද්‍රන් හා යුක්රේන් ජාතික ගෙනඩි ග‍්‍රැබ්රිලෝච් යන විත්තිකරුවන් අටදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.
එකී නෞකාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී දේශීය මුහුදු සීමාවට සැතපුම් 10 – 15 ඔබ්බෙන් යාත‍්‍රා කරමින් සිටි බව අත්අඩංගුවට ගැනීම සහ අධිකරණ බලය සම්බන්ධයෙන් විත්තිය අභියෝගයට ලක්කර නොමැති බව ද පෙන්වා දෙමින් සිය දේශනය පැවැත්වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා එකී නෞකාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී බලපත‍්‍ර රහිත ස්වයංකී‍්‍රය ගිනිඅවි 816ක් එහි තිබූ නිසා අධිචෝදනා 7573ක් යටතේ විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා නඩුු පැවරූ බව ද විනිසුඅරු මඩුල්ලට පෙන්වා දුන්නේය.
එක් එක් විත්තිකරුට එක් එක් ගිනිඅවිය අදාළ කොටගෙන වෙන්වෙන්ව එලෙස අධිචෝදනා ගොනුකළත් එලෙස සිදුකිරීම අනවශ්‍ය බවට නිගමනය කළ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් පස්දෙනකු නිදොස් කොට නිදහස් කර සෙසු විත්තිකරුවන් 8 දෙනාට සාමුහිකව අධිචෝදනා 19ක් යටතේ පමණක් නඩුව පවත්වාගෙන යෑමට තීරණය කොට තිබූ බව ද විනිසුරු මඩුල්ලට පෙන්වාදුන්නේය.
එම නඩුවේ විත්තිකරුවකු ලෙස නම්කර සිටි බාලසුබ‍්‍රමනියම් පේ‍්‍රමචන්ද්‍රන් නමැත්තා විදේශගතව සිටියදී මියගොස් ඇති බව සනාථ වීම නිසා ඔහුට එරෙහිව ගොනුකර ඇති චෝදනා සම්බන්ධයෙන් සිය දේශනයේදී කරුණු පැහැදිලිකර දීමක් සිදු නොකරන බව ද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා එහිදී අධිකරණයට වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
ඇවන්ගාඞ් මැරිටයිම් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ද එහිදී සිය දේශන ඉදිරිපත් කළේය. වැඩිදුර දේශන අද (28) දින දක්වා කල්තැබිණි.
(ඒ. ජේ. ඒ. අබේනායක- දිවයින)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...