දේශීය පුවත්

අංක 2224/52 දරණ අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව මේ දක්වා කොළඹ මහ නගර සභාව විසින් පාළනය කළ කොල්ලුපිටිය වෙළඳ සංකීර්ණයට අයත් වටිනා ඉඩම ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන ඇත. ඒ අනුව, කොල්ලුපිටිය පාර අංක 225, ශාන්ත මයිකල් පාරේ අංක 18,20, සෙරන්ඩිබ් මාවතේ අංක 28, අනගාරික ධර්මපාල මාවතේ අංක 13 යන පරිශ්‍රයන්හි ඉඩම් පවරා ගෙන ඇත.

කොළඹ නගරයේ ඇති වටිනා වාණිජ අගයක් සහිත ඉඩම් පවරා ගෙන පෞද්ගලික සමාගම්වලට විකුණා ආර්ථික අර්බුධයෙන් ගොඩ යාමේ අරමුණ ඇතිව ආණ්ඩුව තවදුරටත් මෙවැනි ඉඩම් පවරා ගනු ඇතැයි අපේක්ෂිතය.

මින් පෙර, මහින්ද රාජපක්ෂ පාළනය යටතේ කොළඹ ගාලු මුවදොර පිටියට යාබද යුධ හමුදා මූළස්ථානය පිහිටි ඉඩම ෂැංග්‍රිලා හෝටලයට පවරන ලද අතර ගෝඨාභය රාජපක්ෂ පාළනය බලයට පැමිණ කෙටි කලකින් ඊට යාබද තවත් අක්කර 3ක ඉඩමක් විදේශ සමාගමකට පවරා දෙන ලදී. මැනින් වෙළඳ සංකීර්ණය පෑළියගොඩ වෙත ගෙන යාමෙන් පසුව එම ඉඩම සමාගම් කිහිපයකට පවරා දෙන සැලැස්මක් ද ඇති බව අනාවරණය විය.

මේ වනවිට කොළඹ විශ්ව විද්‍යාලයට අයත් ඉඩම් මෙන්ම වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ඉවතට ගෙන ගොස් එම ඉඩම් ද වානිජ වටිනාකම මත සමාම්වලට පැවරීමේ සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තාවේ.



One thought on “රජයේ වටිනා දේපළ පෞද්ගලික අංශයට”

  1. පවරල තියෙන්නෙ නාගරික සංවර්ධන අධිකාරියට තට්ටු 40 ක building එකක් හදන්න. යටම තට්ටු 2 car park. ඊලග තට්ටු 4 market එකට. පවුරානික වටිනාකමක් නැත් ගොඩනැගිලි අයින් කර එම වටිනා ඉඩම් දැනට සුදුසු කාර්‍යන් සදහා යොදාගැනීම නරක දෙයක් නෙමේ.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More