දේශීය පුවත්

පාස්කු ප‍්‍රහාරයේදී මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළ මොහොමඞ් ඉල්හාම් නමැති ව්‍යාපාරිකයාට අයත් වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවට නීත්‍යනුකූල නොවන ආකාරයට රුපියල් කෝටි ගණනක් වටිනා අබලි තඹ තොග ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත.

රිෂාඩ් බදුර්දීන් සහ සොහොයුරා දින 90ක කාලයක් රඳවා තබාගැනීමේ නියෝග ලබාගෙන ඇති අතර පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් සමග පැවැත්වූ සම්බන්ධතා පිළිබඳව ඔවුන්ගෙන් වෙන වෙනම ප‍්‍රශ්න කිරීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

පාස්කු ප‍්‍රහාරයේදී මොහොමඞ් ඉල්හාම් නමැත්තා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ලකර සියදිවි හානිකර ගෙන තිබිණි. මොහොමඞ් ඉල්හාම් සහ ඔහුගේ පියා වන ඊබ‍්‍රාහිම් නමැත්තා මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන්ගේ සමීප මිතුරන් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මොහොමඞ් ඉල්හාම්ට අයත් තඹ කර්මාන්ත ශාලාවක් වැල්ලම්පිටියේ පිහිටා තිබූ අතර ඊට විශාල වශයෙන් අබලි තඹ ලබාගෙන ඇත්තේ රජයේ ආයතනවලින්ය.

එම තඹ තොග වැඩි ප‍්‍රමාණයක් නීත්‍යනුකූල නොවන ආකාරයට ලබාදීමට කටයුතු කර ඇත්තේ එවකට රජයේ ඇමැතිවරයකු වූ රිෂාඩ් බදුර්දීන් විසින් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම අයතා ක‍්‍රමවලට තඹ තොග ලබාදීම හරහා ත‍්‍රස්තවාදීන්ට මුදල් උපයා ගැනීමට අවශ්‍ය ඉඩ ලබාදුන්නේ ද යන්න පිළිබඳව රිෂාඩ් බදුර්දීන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යන බව පොලිස් ආරංචි මාර්ග කීය.

(නෝමන් පළිහවඩන, හේමන්ත රන්දුණු – දිවයින)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More