දේශීය පුවත්

තමාද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවුරුදු 30කට අධික කාළයක් සේවය කර ඇති බවත් ඒ යටතේ ඇති වත්මන් වසංගත රෝග අංශය නිළ වශයෙන් හොඳ ආකාරයට මෙන්ම නරක ආකාරයට කටයුතු කරන ලද යුගයන් තමා දැක ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ෆර්නෑන්ඩු මහතා පවසයි.

කොවිඩ් පළමු රැල්ලේදී අපට තිබූ අභියෝගය වූයේ පිටරටින් පැමිණි අයගේ සහ නාවික හමුදා පොකුර පාළනය කරගැනීම බවත් එහි සාර්ථකත්වය මත ඉන්පසු ඔවුන් යම්කිසි උඩඟු ආකාරයකට කටයුතු කිරීමේ උත්සාහයක් නිරීක්ෂණය වන බවත් පවසයි.

ඒ අතරතුර මුඛ ආවරණය අනිවාර්යය නොවන බව ඔවුන් කිහිපවිටක්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බව ද ඔහු සිහිපත් කර සිටින ඔහු එවන් වැරදි ඔවුන් විසින් දැනටත් කරමින් සිටින බව ප්‍රකාශ කරයි.

තායිවානය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයකු නොවීම තුළින් තායිවානයට යම්කිසි වාසිදායක තත්වයන් ද උදාවූ බව ඔහු පෙන්වා දෙයි.

වසංගත රෝග කළමනාකරණය පිළිබඳ විශේෂඥ දැනුම ඇති බොහෝ පිරිසක් සිටිය ද සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති වසංගත රෝග අංශයේ නිළධාරීන් උඩඟු බවින් සහ අත්තනෝමතික ලෙස ක්‍රියාකිරීම දැන්වත් නවතා දැමිය යුතු බවත් ඔහු පවසයි.

දේශපාළන අධිකාරිය ද හරිම තීරණය නොගැනීමට මෙම තත්වය බළපා ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

https://fb.watch/57gZBpjv4N/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More