කළුබෝවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයාදීමට පවතින සිලින්ඩර් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇත.
රෝහල සතුව පවතිනුයේ ඔක්සිජන් සිලින්ඩර් 80ක් පමණක් වුවද දෛනික අවශ්‍යතාව සිලින්ඩර් 150ක් බව රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටක් අනාවරණය කරයි.
රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මුදිතා පෙරේරා සඳහන් කළේ දැඩිසත්කාර ඒකකයේ පවතින ඇඳන් 8ම මේ වන විට කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඇති බවත් ඔවුන්‌ගෙන් රෝගීන් හයදෙනකුටම ඊයේ (26 වැනිදා) දිනය තුළ ඔක්සිජන් ලබා දිය යුතු වූ බවත් ය. මේ අනුව දිනකට රෝහලේ ඔක්සිජන් අවශ්‍යතාව සිලින්ඩර් 150ක් යැයි ඇය කියා සිටී.
කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ බව දැනුම් දුන් අතර මැයි 15 වන දින විට රෝහලේ සිලින්ඩර් අවශ්‍යතාව සපුරා දීමට එකඟ වී ඇතැයිද ඇය පැවසුවාය.
මේ වන විට කොරෝනා රෝගීන් සියලුම දෙනා රෝහල වෙත ඇතුළත් කරනුයේ හුස්ම ගැනීමේ දැඩි අපහසුවෙන් වීම හේතුවෙන් වෙනදාට වඩා ඔවුන්ට ඔක්සිජන් ලබා දීමේ අවශ්‍යතාව පැන නැගී ඇත.
කොරෝනා ආසාදිත ගර්භනී මව්වරුන් 26 දෙනකු ප්‍රතිකාර ලබන අතර මේ සියලුම ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සිදුව ඇත්තේ රෝගියා අසලට ගොස් බැවින් රෝහල් කාර්ය මණ්ඩලයේද ජීවිත දැඩි අනතුරකට පත්ව ඇති බව පැවැසේ.
(අරුණ – ශ්‍රියානි විජේසිංහ)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...