දේශීය පුවත්

අලි – මිනිස් ගැටුමට විද්‍යාත්මක විසඳුමක් ඉල්ලා වල්සපුගල ජනතාව ගෙනයන අරගලයට සහාය පළ කරමින් වල්සපුගල ජනතාව මෙන්ම එම ගැටළුවෙන් පීඩා විඳින ගල්ගමුව, මහියංගනය, මැදවච්චිය යන ප්‍රදේශවල ජනතාව පවත්වන විරෝධතාවයන්ට ද දින 40ක් ගතවී තිබේ.

එම ඒකාබද්ධ විරෝධතාවයන්ට නායකත්වය දෙමින් නාමල් කරුණාරත්න මහතා මෙසේ පවසයි;

“අයිතිකරුවනට තමාගේ සතුන් අයාලේ යැවීම නීති විරෝධී වන අතර උදාහරණ ලෙස බල්ලෙක්ගෙන් යම් කිසි අයෙකුට හානියක් සිදු වුවහොත් එහි වගකීම අයිතිකරු විසින් දැරිය යුතුයි.”

“අලියා, රිළවා, වඳුරා, දඬුලේනා, මොණරා, ඉත්තෑවා, ඌරා යන සතුන්ගේ හිමිකරු වනජීවී අමාත්‍යාංශයයි, එනම් රජයයි. රජය ඒ වගකීම පැහැර හරිනව. සත්තු අයාලෙ යවනව.”

“ඒ අයාලෙ යැවීම තුළ සත්තු මෙන්ම මිනිස්සුත් හිංසනයට පත් කරනවා. මේකට විසඳුමක් ලෙස කැලෑ ඇතුලෙ සත්තුන්ගෙ කෑම ටික හදන්න ඕනෙ; ජල පහසුකම හදන්න ඕනෙ.”

“එතකොට අනාරාධිතව ගමට එන සත්තු අනාරාධිතවම කැලයට යනව. මිනිස්සුන්ගෙන් හිරිහැර විඳ, විඳ මේ සත්තු ඉන්නෙ කැමත්තෙන් නෙවෙයි.”

“අකමැත්තෙන් උනත් සත්තු ගම ඇතුලෙ රැඳී ඉන්නෙ උන්ට අවශ්‍ය පරිසරය කැලේ ඇතුලෙ නැති නිසා.”

“නමුත් මේ අලි පෙන්නල ආණ්ඩුව අවුරුද්දකට රුපියල ලක්ෂ 9,000කට වඩා හම්බ කරනව. අඩුගානෙ එයින් ලක්ෂ 2,000ක්; 3,000ක් වියදම් කරල මේ සත්තුන්ගෙ කෑම ටික, වතුර ටික සපයන්න රජය මැදිහත් වෙන්න ඕනෙ නැත්ද? මේක හරියට හරිකගෙ ඉස්සරහ පැත්ත ගොවියට දීල පිටිපස්ස අනිත් එකා ගත්ත වගේ වැඩක්.”

“අපි පැහැදිළිව තීන්දුවක් ගත්ත ආණ්ඩුවට, වනජීවීයට විරුද්ධව ඉහළ අධිකරණයට යන්න.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More