දේශීය පුවත්

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසා සිටියේ අන්තර්ජාලයේ දැන්වීම් පළ කරමින් ඉන්දීය ජාතිකයින්ට මෙරට තුළ නිරෝධායනයවීමට අවස්ථාව ලබාදී විදෙස් රටවලට පිටත්කර යැවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.

“ඉන්දියානු ජාතිකයන්ට සිංගප්පූරුවේ, සෞදියේ රැකියාවට යනවා නම් වෙනත් රටක නිරෝධායනය වෙන්න අවශ්‍යයි. මේක හඳුනා ගත්තු ලංකාවේ ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රබල නිලධාරියෙක් මේවා ව්‍යාපාරයක් කරගන්න හදලා. මේකෙ ගොදුරු වෙන්නේ ලංකාවේ ජනතාව. ඒකේ වගකීම භාර ගන්නේ කවුද?”

අදාළ දැන්වීම පළකර ඇති ආයතනයේ සේවකයෙකු සමග පැවැත් වූ දුරකථන සංවාදයක් ද කාවින්ද ජයවර්ධන මහතා මාධ්‍යට නිකුත් කළේය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් “අද දෙරණ” සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතාගෙන් විමසීමක් කළේය.

ඊට ඔහු ලබාදුන්නේ මෙවන් පිළිතුරකි,

“සිවිල් ගුවන් සේවයට එහෙම චෝදනාවක් එල්ල කරන්න බෑ. හැබැයි අපිට ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න පුළුවන්. අපි නිරෝධායනය කියලා වෙනම පහසුකමක් දීලා නෑ.”

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (27) දිනයේදී සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව රජ‍යේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.

“රජය ලබා දී තිබෙන අනුමැති අයථා ලෙස යොදාගෙන වෙනත් රටවල පිරිස් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙලක් මේ ආකාරයෙන් සිදුවෙනවද කියලා සොයා බලන්න ඕනේ,” යනුවෙන් ද ඔහු පැවසීය.
(දෙරණ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More