ජනතාව භාරදුන් රට ගොඩනඟන කොන්ත්‍රාත්තුව ඉවත දමා, ගෝඨා විරෝධී කොන්ත්‍රාත්තුව මංගල සමරවීර අමාත්‍යවරයා විසින් භාරගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි චන්ද්‍රසිරි ගජධීර පවසයි.
ඉරිතළා ගොස් තිබූ යහපාලන නැව දැන් පුපුරා ගොස් තිබෙන බවත් ගිලෙන නැව්වල සිටීමට අකැමැති දාසය දෙනකු නැවෙන් පැන විපක්ෂයේ නැවට ගොඩවූ බව මන්ත්‍රිවරයා කියා සිටියේය.
සමාජවාදී ජනතා පෙරමුණ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මෙසේද කීය.
ආණ්ඩුව ගෙනයන ධනේශ්වර නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය විසින් ඇතිකරන ව්‍යසනකාරී ප්‍රතිපත්තියට මුහුණ දෙන්න නව විකල්ප ප්‍රතිපත්තියක් සමාජ ගත කිරීමේ වගකීම අපිට තියෙනවා. ඒ වෙනුවෙන් අපි පෙනී සිටිය යුතුයි. දැන් ආණ්ඩුව රට ඇතුළේ මහා ණය කන්දරාවක් ගොඩගැහෙනකොට ඒකට මහින්ද රාජපක්ෂ මහතාව හේතුවක් විදියට පෙන්වනවා. ඒ වගේම තමයි දැන් අද වෙනකොට ගෝඨා විරෝධයක් මතුකරමින් ඉන්නවා. මේ වගේ දේවල්වලට මැදිහත් වෙනවා මිසක් ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳන්න සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඉදිරියට ගෙනියන්නේ නැහැ. තව ටික දවසකින් කියයි දකුණේ පැතිර යන වයිරස් එකත් මහින්ද රාජපක්ෂ බෝ කළේ කියලා. මේක මහින්ද වයිරසයක් කියලා කියයි.
උතුරේ මියගිය සියලු දෙනා එල්.ටී.ටී.ඊ. නෙවෙයි. එල්.ටී.ටී.ඊ. ප්‍රහාර නිසා වගේම දෙපැත්තේ යුද ගැටුම නිසා මියගිය අය ඉන්නවා. ඒ අය සමරන එකට අපිට විරුද්ධ වෙන්න බැහැ. එහෙ ඉඳන් මෙහෙට ගහලා මෙහේ ඉඳන් එහෙට ගහලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්කමක් නැහැ. මේ ජාතීන් අතර මතුවෙන ප්‍රතිවිරෝධය අවසන් කරන්නත් මේ ආණ්ඩුව කටයුතු කළ යුතුයි.
දැන් මුදල් අමැතිවරයා භාර අරගෙන තියෙනවා කොන්ත්‍රාත්තුවක්. රට ගොඩනඟන ආර්ථික ප්‍රතිපත්තිය ගෙනියන කොන්ත්‍රාත්තුව නෙවෙයි. ගෝඨා විරෝධයක් මතු කරන්න හදනවා. වියත් මඟට විපත් මඟ කියමින් කොන්ත්‍රාත් එකක් ගෙනියනවා. ගෝඨා මුව හම තළ තළා ඉන්නවාට වඩා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් වගකිවයුතු ඇමැතිවරු ලෙස කටයුතු කරන එක තමයි වැදගත් වෙන්නේ.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...