කොවිඩ් ආසාදිත රෝගීන් විඳින පීඩාවන් සහ දිනෙන් දින වැඩිවන කොවිඩ් මරණ අනුපාතිකය අඩු කිරීම වෙනුවෙන් ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව හා බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය විශේෂඥයින් කණ්ඩායමක් විසින් සිදුකරන ලද පර්යේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදනය කරනු ලැබූ මේඝා ප්‍රයිමල් ඉන්ටේක් (MeGha Primal Intake) ආහාරමය අතිරේකය හඳුන්වාදීම පසුගියදා කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී සිදු කෙරුණු අවස්ථාවේදී; සාම්ප්‍රදායික, ස්වාභාවික ආහාර සංස්කෘතියෙන් ඈත්වීම හරහා මෙරටට අහිමිව වූ ප්‍රතිශක්තිය නැවත හිමිකරගත යුතුව ඇති බව ප්‍රවීණ රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා පැවසීය.
මෙරට පැරණි ගැමියා ස්වාභාවික ආහාර රටාවේ වැදගත්කමත්, ප්‍රතිශක්තිය පිළිබඳවත් මනා අවබෝධයකින් සිටි බව පෙන්වා දෙන ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ නූතන ආහාර රටාවන් හේතුවෙන් වත්මන් සමාජය දුබල වී ඇති බවයි.
“ඒ කාලේ කුස්සිය ෆාමසියක්. අම්මා වෙද නෝනා. ඔළුව අතගාලා දුන්නු, කුස්සියෙන් හොයාගත්තු දේවල් ටිකෙන් අපේ රෝග සුවපත් උනා. අපි තව කෙනෙක් ජීවත් කරන්න උත්සහ කරමු. ඒ නිසයි මේ පෙති වර්ගය සමාජගත කරන්නට මම උනත් ඇවිල්ලා මෙතන වාඩි උනේ. අපේ ටෙලි නාට්‍ය කණ්ඩායමකට මේ රෝගය වැළඳිලා මම ඔවුන්ට කතා කරලා මේ ගැන කිව්වා. ඒ නිසා ඔවුන් බොහොම කල්පනාවෙන් සුවපත් උනා.” යැයි ඒ මහතා පවසයි.
බටහිර හා සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය විශේෂඥයින් කණ්ඩායමක් විසින් නිපදවා ඇති MeGha ආහාර අතිරේකය තුළ මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ නංවන ස්වාභාවික ශාඛසාර අමුද්‍රව්‍ය පමණක් අඩංගු වේ.
ශ්‍රී ලංකාවේ ආහාර පනතේ මාර්ගෝපදේශ යටතේ නිපදවා ඇති අතර එම නිෂ්පාදන කාර්‍ය සිදු කරන්නේ ISO 22000 සහ GMP තත්ත්ව සහතික යටතේ පවත්වාගෙන යන නිෂ්පාදනාගාර තුලය.
MeGha Primal Intake ආහාරමය අතිරේකය මගින් සයිටොකයින් ස්ටෝම් තත්ත්වය නිසා ශරීරයට සිදුවන හානිය අවම කිරීම සිදුකෙරන අතර පෙනහළු සෛල වර්ධනය කිරීම මගින් පෙනහළු වලට ආරක්ෂාව ලබාදීමද සිදුකෙරේ. දිගු කාලීනව ස්නායුවලට එන බලපෑම අඩු කිරීම ද MeGha Primal Intake විසින් සිදු කරනු ලබයි. MeGha Primal Intake ආහාරමය අතිරේකය, ආහාර මාත්‍රා 03 ක් භාවිතයට ගැනීමෙන් පසු රෝගීන්ගේ රෝග ලක්ෂණ ප්‍රබල ලෙස අඩුවී යන බව ප්‍රත්‍යක්ෂ වී තිබෙන අතර එය රෝගීන් විසින් ද තහවුරු කර තිබේ.
MeGha Primal Intake හි විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීම කරනු ලබන වෛද්‍යවරුන් හා විද්‍යාඥයින් කණ්ඩායම, එහි සියළු වගකීමද දරනු ලබන අතර MeGha Primal Intake හි නිෂ්පාදනයේ හා බෙදාහැරීමේ වගකීම මේඝා කෙයාරින් පුද්ගලික ආයතනය (MeGha Caring Pvt Ltd) විසින් සිදුකරනු ලබයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...