පකිස්තානු රජයේ ආරාධනයකට අනුව එරටට වැඩම කළ භික්ෂූන් වහන්සේලා 11 නමක දූත පිරිසක් පෙරේදා (23) දින පකිස්තාන අග්‍රාමාත්‍යය ඉම්රාන් ඛාන් මහතා මුණගැසී තිබුණි.
පකිස්තානය යනු ශ්‍රේෂ්ඨ ගාන්ධාර ශිෂ්ඨාචාරයේ උරුමයෙන් පෝෂණයවූ පුරාවිද්‍යාත්මක සහ සංස්කෘතික වටිනාකමින් යුත් ස්ථාන රාශියකින් යුත් ස්වභාව සෞන්දර්යයෙන් අනූන රටක් මෙන්ම ලොව අති පූජනීය බෞද්ධ සිද්ධස්ථාන රාශියක සාඩම්බර භාරකරුවෙකු බවත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු ලොව බෞද්ධ රටවලින් පැමිණෙන ආගමික සංචාරකයින් සඳහා අවැසි පහසුකම් මෙන්ම මාර්ගෝපදේශ සපයමින් පකිස්තානයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට තම රජය සැලසුම් සකස් කර ඇති බවත් දූත පිරිස අමතමින් අගමැතිවරයා පවසා ඇත.
දීර්ඝකාළීනව පැවත එන ශ්‍රී ලංකා – පකිස්ථානු මිත්‍රත්වය, සහයෝගීතාවය මෙන්ම ඒකීයත්වය සිහිපත් කරමින් අදහස් දක්වා ඇති දූත පිරිස පකිස්තාන රජයේ මෙම සංචාරක වැඩපිළිවෙල යටතේ සිදු කරණ පුරාවිද්‍යාත්මක සහ පූජනීය ස්ථාන ප්‍රතිනිර්මාණය කිරීම ඇගයීමට ලක්කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...