මුහුණු පොතෙන්

පාස්කු ප්‍රහාරය නිසා අපේ රටේ සැබෑ වම ලෙස රෝහණ විජේවීරගේ ජවිපෙය කළ සේවය අනුර කුමාරගේ ජවිපෙය ඉස්ලාම් අන්තවාදයට සේවය කරන්නන් ලෙස කළ බෞතීස්ම කිරීම සුදු හුණු ටොන් එකක් ගා හෝ මකා දැමිය නොහැකි තත්වයට පත්විය. කෙසේ වුවද සිංහල බෞද්ධ ආණ්ඩුවක් තැනීමට 69 ලක්ෂයක ජනතාව කළ කැප කිරීම නිකරුණේ අපතේ යවමින් රිෂාඩ් බද්යුද්දීන්ලාට බල්ටි ගැසීමට ඉඩ දීම 69 ලක්ෂයට දුකකුත් ජවිපෙයට සතුටකුත් ගෙන දුන්නාට නම් සැක නැත. 2015 දි තව ඡන්ද ප්‍රමාණයක් වැඩිපුර ගත්තේ නම් ජවිපෙ ජාතික ලයිස්තුවේ සිටි ඊබ්‍රාහිම් ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ මන්ත්‍රී සහෝදරයාය. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් අල්ලනු යනු ව්‍යාජ සටන් පාඨය ජවිපෙය ප්‍රමුඛ අන්තවාදී ඉස්ලාම්වාදීන්ගේ අනුකම්පාකරුවෝ ඉදිරියට දමන්නේ, ඉස්ලාම් අන්තවාදයේ මහ මොළකරුවන් විශාල පිරිසක් පාර්ලිමේන්තුවේම සිටින බව සැඟවීමටය.ඊබ්‍රාහිම්ලාගේ , රිෂාඩ්ලාගේ, රියාජ්ලාගේ, අසාද් සාලි ලාගේ පෝලිමට එකතු වීමට නියමිත අය අතර හකීම්ලා, හිස්බුල්ලලා සිටින බව පාස්කු ප්‍රහාරකයන්ගේ සම්බන්ධකම් විශ්ලේෂණයේදී “ඕනෑම ගොනෙකුට” වැටහේ. මේ මහ මොළ කරුවන් අතර ඊබ්‍රාහිම්ලා ජාතික ලැයිස්තුවට දැමූ අනුර කුමාරගේ ජවිපෙ දේශපාලන මණ්ඩලයද සිටියේ නැතැයි කාට නම් කිව හැකිද? පසුගියදා “බැනර්” සහ ” පෝස්ටර්” වෙනුවෙන් ලක්ෂ 91කට ආසන්න මුදලක් වැය කර ජවිපෙය සමාජගත කරන්නට හැදුවේත් මහ මොළ කරුවන් බොහෝ ගණනක් පාර්ලිමේන්තුවේම සිටින බව නොව ඇත්තේ පාර්ලිමේන්තුවෙන් පිටත බව හැඟවීමට නොවේද? ලක්ෂ 91 “බැනර්” සහ ” පෝස්ටර්” හෝමාගම බොදු ජන පදනමේ එක් කුඩා “බැනරයකින්” වැසී ගොස් නැතැයි කාට නම් කිව හැකිද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More