දේශීය පුවත්

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පවතින තත්වය හමුවේ ගුවන් තොටුපල වසා නොදමන බව පවසා සිටී. එතුමාගේ මාධ්‍යය ලේකම් වරයා විසින් නිකුත් කරණු ලැබූ මාධ්‍යය නිවේදනය පහතින්…

සෞඛ්‍ය අංශ උපදෙස් අනුව වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද ගුවන්තොටුපොළ කටයුතු සහ සංචාරකයන් ගෙන්වීමේ කටයුතු ඉදිරියට පවත්වා ගෙනයන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොවිඩ් ආසාධිතයින්ගේ වැඩිවීමත් සමග විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම සීමා කිරීමක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයිද කී ඇමැතිවරයා අවධාරණය කළේ සෞඛ්‍ය උපදෙස් එයාකාරයෙන්ම ක්‍රියාවට නංවා හැකි උපරිමයෙන් කොවිඩ් පාලනයට සහාය දක්වන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“සෞඛ්‍ය අංශ උපදෙස් අනුව මේ වන තෙක්ම කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණෙන සියලු දෙනාම පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළා. එමගින් ආසාදිතයන් හඳුනාගෙන ඔවුන් සමාජගත නොවීමට වග බලා ගත්තා. පහුගිය කාලයේ පිටරට සිට ශ්‍රමිකයන් වැඩි වශයෙන් ‍ගෙන‍ෙවීමත් සමග ආසාදිතයින් ප්‍රමාණය වැඩි වුණා. අපි ඒ ගැන කල්පනාකාරීවයි කටයුතු කළේ.

දැන් රට තුළින් භයානක තත්වයක් ඇතිවෙන බව පේනවා. සංචාරක ව්‍යාපාරය පවත්වා ගෙන යන්න මේ තත්ත්වය පාලනය කරන්න වෙනවා. ලෝකය පුරාම තුන්වෙනි කොවිඩ් රැල්ලක් ඇති වීමත් සමග සංචාරකයින්ගේ සංචාර පාලනය කිරීමක් සිදුවෙනවා. මේ විදියට සංචාරකයින්ගේ පැමිණීම සීමා වීම රටේ ආර්ථිකයට බලපෑම් කරනවා. නමුත් රටට හොඳ දේ කරන්නයි ජනාධිපතිතුමා නිතරම උපදෙස් දෙන්නේ. අපි කටයුතු කරන්නේ ඒ අනුවයි.

කොවිඩ් තත්ත්යට අමතක කරලා සිංහල අලුත් අවුරුද්ද සමරන්න කියලා කිසිම වෙලාවක රජයක් විදිහට කියලා නැහැ. රජය නිතරම කිව්වේ සෞඛ්‍ය නීති රීති අනුව කටයුතු කරන්න කියලයි. ජනතාවට කොවිඩ් තත්ත්වය අමතක වෙනවා. මහරගම, නුවරඑළිය , සීගිරිය වගේ ප්‍රදේශවල සෞඛ්‍ය උපදෙස් නොතකමින් ජනතාව සංචාරය කරපු ආකාරය අපි දැක්කා. ජනතාවට නිදහස ලබා දෙන කොට ඒ නිදහස භුක්ති විඳින්නේ කොහොමද කියලා ජනතාව දැන ගන්න ඕනේ. බැරිවෙලාවත් ජනතාවට සීමා කිරීම පැනවූවානම් එතනදි කරන්නෙත් ආණ්ඩුවට බනින එකයි. මොන දේ කළත් ආණ්ඩුවට බනින්නයි දැන් පුරුදු වෙලා තියෙන්නේ. ඉතිරි දවස් දෙක 2 තුල රටේ තත්වය තත්ත්වය බලල ඒ අනුව ඉදිරි කාල සීමාවේ කටයුතු කරන්න සිදුවෙනවා.

මෙතෙක් අපි සංචාරකයන් ගෙන‍්වූයේ ආරක්ෂිත ක්‍රමයකටයි. ලංකාවට පැමිණි සංචාරකයෙක් ආසාධිතයෙක් නම් ඔවුන් සමාජගත වීම වැලැක්වූවා. කෙසේ නමුත් මේ වනවිට සංචාරක පැමිණීමේ අඩුවක් දකින්නට ලැබෙනවා. අපි කටයුතු කරන්නේ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුවයි. විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණීමට ලබා දී ඇති අවස්ථාව වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරනයක් අරගෙන නැහැ.

අපි කවදාවත් දේශපාලන දඩයම් කරලා නැහැ. එවැනි දේ සිදු කළේ පසුගිය යහපාලන රජයයි. යහපාලන රජය දූෂණ විරෝධී කමිටු දාගෙන හඳුනාගත් දේශපාලනඥයින් හිරගෙවල් යවන්න කටයුතු කළා. එවැනි දේවල් සම්බන්ධයෙන් යහපාලන රජයේ ඇමතිවරුන්ගේ පටිගත කළ සාකච්ඡා පවා මේ වන විට සමාජගත සමාජ ගතවෙලා තිබෙනවා. ඒ විදියට පලිගැනීම් කරපු අයට සාධාරණත්වය ඉෂ්ට කරන්නයි දේශපාලන පලිගැනීම් පිළිබඳ කමිටුව පත් කළේ. ඒ අය වැරදි කළ බව ඒ අයගේ හිත් දන්න නිසා ඒ කමිටු වාර්තාවටත් කට්ටිය බය වෙලා.රංජන්ට කරපු දේ හරින්ටත් කරන්න යනවයි කියලා යනවා කියලත් සමහරු කියනවා. හරීන් පාර්ලිමේන්තුවේ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නම් වෙනම කටයුතු කරන්න ඕනේ. ඒ කටයුතු කරපු ආකාරය නිසා පාර්ලිමේන්තුවේ ගෞරවය රැකගෙන ඉන්න මන්ත්‍රීවරුන්ටත් ගමට යන්න අපහසුයි. සමහරු කියන්නේ ඔහු මත්ද්‍රව්‍ය අරගෙන කියලයි. ඔයිට වැඩිය ඒ අය වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. විපක්ෂ නායකවරයෙක් හිටියට ඔහුට කොන්දක් නැහැ . හරීන්ට ප්‍රශ්න ඇතිවෙනවා ටයි ඒ අය කැමති. මොකද ඒ අය අතරෙත් ප්‍රශ්නත‍ තියෙනවා. හරීන් අත්අඩංගුවට ගත්තොත් කට්ටියම අත්අඩංගුවට පත්වෙන්න සූදානම් කියලා විපක්ෂ නායක කියලා තියෙනවා. එක හොඳ තීරණයක්. ඒ කාණ්ඩෙම එකතු වෙලා තාප්පෙකින් වටකරපු ගෙයක් අරගෙන ඔය කියන විදියට ඒකට වෙලා හිටියනම් ඇත්තටම රටට සිද්ධ වෙන්නේ හොඳක් ” යැයිද ඇමැතිවරයා පැවසීය.

– ප්‍රදීප් අනුර කුමාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More