දේශීය පුවත්

මන්නාරම් දූපත්වල ඛනිජ ගවේෂණය සඳහා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය 2015 වසරේ මෙරට ලියාපදිංචි දේශීය සමාගම් 5කට ලබා දුන් ගවේෂණ බලපත්‍ර 9ක්, ඔස්ට්‍රේලියානු සමාගමක් යටතට පත්වීම ගැන සිරස නිව්ස්ෆස්ට් දිගින් දිගටම වාර්තා කළේය.

එම බලපත්‍ර 9 න් 8 ක් අවලංගු කර ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය පෙරේදා සඳහන් කළේය.

අදාළ පැවරීම පිළිබඳව කාර්යාංශය දැනුවත් නොකිරීම, මෙලෙස බලපත්‍ර අවලංගු කිරීමට හේතුව ලෙස දැක්විය.

බලපත්‍ර 9 යොදාගෙන මන්නාරම් දූපත්වල මෙට්‍රික් ටොන් මිලියන 265ක පමණ ඛනිජ ගවේෂණය කර තිබූ අතර, ඒවා චීනය,ජපානය,ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත අපනයනය කිරීමට ද ඔස්ට්‍රේලියාවේ ටයිටේනියම් සෑන්ඩ්ස් සමාගම සැලසුම් කර තිබුණි.

මේ ගනුදෙනුවේදී පළමුව සිදුව තිබුණේ, මුරුසියේ පිහිටි ආයතන 2 ක් විසින් ඛනිජ ගවේෂණ බලපත්‍ර 9 සතු දේශීය සමාගම් 5 පවරා ගැනීමයි.

ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ටයිටේනියම් සෑන්ඩ්ස් සමාගම විසින් අදාළ මුරුසි ආයතන දෙක පවරා ගත්තේ ය.

මේ ආකාරයට යම් පැවරීමක් සිදු කරන්නේ, අදාළ දේශීය සමාගම්වල වගකීම වන්නේ ඒ පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය දැනුවත් කිරීමයි.

ජාතික සම්පත් සුරැකීමේ ක්‍රියාවලියේදී නිරන්තරයෙන් පෙරමුණ ගන්නා නිව්ස්ෆස්ට්, මේ ගනුදෙනුව පිළිබඳව මුලින්ම හෙළිදරව් කළේ ය.

නිව්ස්ෆස්ට් වාර්තා කළේ, අදාළ දේශීය සමාගම් 5 විදේශ සමාගම් 2 ක් යටතට පත්ව ඇති බවක් භූ විද්‍යා හා පතල් කාර්යාංශය වෙත දන්වා නොමැති බවයි.

මන්නාරමේ ඛනිජ ගවේෂණය:ඔස්ට්‍රේලියානු සමාගමක බලපත්‍ර 8ක් අවලංගු වෙයි – භූ විද්‍යා හා පතල් කාර්යාංශය

මෙලෙස වාර්තා කිරීමෙන් පසු, පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා මේ ගැන සොයා බැලීමට කමිටුවක් පත් කළේ , විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගේ උපදෙස් අනුගමනය කරමින් ය.

කාර්යාංශය අදාළ බලපත්‍ර 9 න් 8 ක් අවලංගු කිරීමට පියවර ගත්තේ, එම කමිටුව ලබා දුන් නිර්දේශ අනුවයි.

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ටයිටේනියම් සෑන්ඩ්ස් සමාගම එරට කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කිරීම ද අප්‍රේල් 30 වැනිදා තෙක් නතර කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More