දේශීය පුවත්

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් ඊයේ (24) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබලදීම සහ සබඳතා පවැත්වීම යන චෝදනා යටතේය.

ඔවුන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් රඳවා‍ගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝගය ද අධිකරණයෙන් ලබා ගැනීමට කටයුතු කර ඇත.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ඊයේ අලුයම 02ට පමණ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇති බවද වාර්තාවේ.

අත්අඩංගුවට ගැනීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක්ද නිකුත් කර තිබුණු අතර එම වීඩියෝවෙන් ඔහු පවසා සිටියේ,
“වරෙන්තුවක් නිකුත් කරලා තියෙනවාද? කථානායක දැනුවත් කළාද කියලා මම ඇහුවා. ඊයේ දවසෙම මම පාර්ලිමේන්තුවේ හිටියේ. මම ගැන කිසිදෙයක් කතා වුණේ නැහැ. අලුයම 2.30ට 3.00ට විතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිසක් ඇවිත් යන්න ලෑස්ති වෙන්න කිව්වා. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වගේම පක්ෂ නායකයෙක්. ඒ නිසා මාව අත්අඩංගුවට ගන්නවා නම් කථානායක දැනුවත් කරලා ඉන්න ඕනේ. මම ඇහුවා කථානායක දැනුවත් කළාද කියලා. එයාලා උත්තර දුන්නේ නැහැ. මට මොන විදියේ චෝදනාවක් ගොනු කරයිද කියලා මම දන්නේ නැහැ. මම වැරදි කරලා නැහැ. මම පව් කරලත් නැහැ. මගේ අත් පිරිසිදුයි. අල්ලා කවදාවත් අපිව අත්හරින්නේ නැහැ.” යනුවෙනි.

මීඅ අතර රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් මහතාද එම චෝදනා මත වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්ඩංගුවට ග්නීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.

රිෂාඩ් බදියුදීන් මහතා මීට පෙරද පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝගය මත රඳවාගෙන ප්‍රශ්න කළ අතර පසුව ඔහුව සාක්ෂි නොමැති බව පවසමින් නිදහස් කළේය.

මේ අතර රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන් වෙනුවෙන් ඔවුන්ගේ නීතීඥවරයා වන රුෂ්ඩිහි හබීබ් මහතා ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ සාධාරණ කරුණු දැක්වීමකින් තොරව එම දෙපළ අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී ක්‍රියාවක් බවය.

ඔවුන් දෙදෙනා පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දුන් බව සනාථ කිරීමට සාක්ෂි පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිෂන් සභා වාර්තාවෙන්ද අනාවරණ කරගෙන නොමැති පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම දේශපාලන වුවමනා මත සිදුවූවක් ලෙසින් සලකන බව එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කරුණු පැහැදිලි කරමින්, “අපරාධ විමර්ශන එකකය විසින් කතානායකවරයාගෙන් අවශ්‍ය කරන අනුමැතිය ලබාගෙන තිබෙනවා. ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරයට අදාළවම ප්‍රහාරය එල්ල කළ ස්වං ඝාතකයින් සමග සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට අවශ්‍ය මුදල් උපයා ගැනීමට ආධාර අනුබල දුන් බවට සාක්ෂිවලින් කරුණු අනාවරණය වී තිබෙන නිසයි. පොලීසිය විසින් දිගින් දිගටම කරන විමර්ශන කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස කරුණු සනාථ වු පසු මෙසේ වරින්වර අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව විශේෂය්න් ප්‍රකාශ කළ යුතුයි,” යනුවෙනි.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ රිෂාඩ් බදියුදීන් හා රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගත්තේ විශ්ලේෂණාත්මක දත්ත හා සාක්ෂි ඇසුරෙන් බවය.

තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අවධාරනය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More