ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවසක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
ඊයේ (24) රාත්‍රී මෙම පිපිරීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
රතිඤ්ඥා තුළ තිබූ වෙඩි බෙහෙත් ඉවත් කර ඒවා යකඩ බටයකට දමා විදුලි ග්‍රයින්ඩරයකින් බටය කැපීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇති බව වාර්තා වේ.
පිපිරීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි සහ 27 හැවිරදි තරුණයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරින් එක් තරුණයෙකුගේ අතට බරපතළ තුවාල සිදුවී ඇත.
මේ සම්බන්ධයෙන් ගොකරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.
(දෙරණ)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...