දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනිමෙන් පසු ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥ රුෂ්ඩිහි හබීබ් මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන් යන මහත්වරුන්, පාස්කු ප්‍රහාරයට කිසිදු සම්බන්දයක් නැතැයි පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවෙන් තහවුරු කර තිබේ.

කෙසේ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ එතුමාගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන මහත්වරු අද (24) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු, අජිත් රෝහන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පාස්කු ප්‍රහාරයකයන්ට ආධාර අනුබලදීම පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා රිෂාඩ් බදියුදීන් සහ එතුමාගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා යනු සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායකයාය. එතුමාගේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට, මන්ත්‍රීවරු සිව්දෙනෙකු තේරී පත්ව සිටිති. එයට අමතරව පළාත් පාලන ආයතනවල සභිකයන් 169 දෙනෙකු එතුමා නායකත්වය දරන පක්ෂය නියෝජනය කරති. සමස්ත මුස්ලිම් ජනතාව මේ ගත කරමින් සිටින්නේ ශුද්ධ වූ රමසාන් උපවාස සමයයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර දැනුවත් කළ සෑම අවස්ථාවකදීම පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා එම දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශ ලබා දී තිබේ. එ් ආකාරයෙන් පූර්ව දැනුවත් කිරීමකින් තොරව අලුයම 01ට පමණ නිවසට පැමිණ කිසිදු හේතුවක් සඳහන් නොකර අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ගති ලක්ෂණවලට අනුගත නොවන බව අප සඳහන් කරමු.

රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ චෝදනා සියල්ල, ශ්‍රේෂාඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂම විසින් විභාගයට ගෙන අවසන් කර තිබේ. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරයට ආධාර, අනුබල දුන් බවට, කොමිසමට ඉදිරිපත් වූ සාක්ෂිවලින් සනාථ වී නැත. ඒ අනුව රිෂාඩ් බදියුදීන් මහතා පාස්කු ප්‍රහාරයට සම්බන්ද බවට කිසිදු සාක්ෂියක් එම කොමිෂමට ඉදිරිපත් ව නැත. එවන් පසුබිමික, සාධාරණ කරුණු ඉදිරිපත් කිරීමකින් තොරව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම නීතියේ ස්වාධීනත්වය පිළිබඳ ගැටළු ඇතිවෙන අවස්ථාවකි.

මෙය දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකි. පසුගිය ජනාධිපතිවරණයේදී රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රමුඛ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සාමාජිකයන් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වෙනුවෙන් සහය පළ කළහ. සිංහල දෙමළ සහ මුස්ලිම් ජනතාව සියලු දෙනා රට තුළ සහයෝගයෙන් ජීවත් වුවද, වත්මන් ආණ්ඩුව විවේචනය කරන ජාතික තලයේ සිටින මුස්ලිම් දේශපාලන නායකයන් අසීරුවට ලක් කිරීමේ ක්‍රියාවලියේ එක් කොටසක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම අප දකිමු.

නීතිඥ රුෂ්ඩිහි හබීබ්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More