ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීන් 28 දෙනකුට එරෙහිව යුද අපරාධ සාක්ෂි එකතු කිරීමේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ කණ්ඩායම තොරතුරු ලබාදෙන අංක එකේ සාක්ෂිකරු රහස් පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා බව හෙළි වී ඇත.
“ඔහු අපේ අතිශයින්ම වැදගත් සාක්ෂිකරු” යැයි මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරියකු හෙළි කර තිබේ.
මෙම නිලධාරියා සතුව අපරාධ නඩු කීපයකට අදාළ බී වාර්තා තිබෙන බවත් එම රහසිගත වාර්තා මානව හිමිකම් කවුන්සිලයට ලබාදී ඇති බවත් අනාවරණය වී ඇත.
“ආමි සුරංග” නමැති හිටපු හමුදා නිලධාරියකු ඝාතනය කිරීම ගැන වරෙන්තු නිකුත් වී ඇතත් ස්විස් රජය නිශාන්ත ද සිල්වා මෙරටට එවීම ප‍්‍රතික්ෂේප කර තිබේ.
හිටපු පොලිස් පරීක්ෂකගේ ආරක්ෂාව උදෙසා ස්විස් රජය රැකවළුන් දෙදෙනකු ද ලබාදී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...