මියගිය එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන්ට අයත් හැඳුනුම්පත් සහ උප්පැන්න සහතික ව්‍යාජ ලෙස පාවිච්චි කර විවිධ පුද්ගලයන් විදෙස්ගත කරමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඉපයූ දෙමළ ජාතිකයකු ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය මගින් පෙරේදා (22) දින වවුනියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
හතළිස් දෙහැවිරිදි වියේ පසු වන මෙම සැකකරු දීර්ඝ කාලයක සිට මියගිය එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන්ගේ හැඳුනුම්පත් උප්පැන්න සහතික ඇතුළු විවිධ ලිපි ලේඛන ව්‍යාජ ලෙස සකස් කර දෙමළ තරුණ තරුණියන් යුරෝපය ඇතුළු රටවල් ගණනාවකට හොර රහසේම යවා ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
සැකකරු ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට කටයුතු කරන බව ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...