දේශීය පුවත්

කොළඹ පංචිකා වත්තේ ජයන්ත වීරසේකර මාවතත් මරදාන සිට දෙමටගොඩ දෙසට ගමන් කරන වජිරඥානමාවතත් සම්බන්ධ වන්නේ දුම්රිය මාර්ගයක් යටින් යන උමගක් මගිනි.

මෙම උමග අබලන් වීම නිසා දැන් එහි සිල්බර කොට තබා දුම්රිය රේල්පීලි වලට තාවකාලිකව මුක්කු ගසා ඇත. වාහන දෙකක් මාරු විය හැකි මේ උමගේ ගමන් කළ හැක්කේ ත්‍රීරෝද රථයක් පමණි. අනෙක් ප්‍රදේශය වැහෙන්නට සිල්බර කොට ගොඩගසා ඇත්තේ දුම්රිය රේල්පීලි පහතට එම වැලැක්වීමටය. මෙම උමග යට මුළුමනින්ම වැසිකිළි වතුර ගලායමින් ගඳගසන අතර වැසිකිළි වතුර නිසා සිල්බර කොට ගිලාබසින බව ප්‍රදේශ වාසීහු කියති.

මෙම උමග මතින් දුම්රිය ගමන් ගන්නා විට වේගය අඩු කරන අතර කඩිනමින් මෙම ස්ථානය අලුත් වැඩියා නොකළ හොත් මහා දුම්රිය අනතුරක් සිදුවීමට ඉඩ ඇති බව මෙම උමග අසල පදිංචිකරුවෝ පවසති.
(අරුණ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More