මහා පරිමාණ සීනි බදු වංචාව මගින් තම හිත මිතුරු ව්‍යාපාරිකයින්ට කෝටි 1,500කට අධික මුදළක් වංචනිකව ඉපයීම සඳහා වන ක්‍රමවේදය මෙම රජය විසින් සාදා දීම පිළිබඳව මින් පෙර අල්ලස් හෝ දූෂණ කොමිසමට කරණ ලද පැමිණිළ්ළට අදාලව වැඩිමනත් කරුණු ලෙස එයට අදාල මුදල් අමාත්‍යාංශ වාර්තා ලිඛිත සාක්ෂි ලෙස අද (23) දින කොමිසමට ඉදිරිපත් කළ බවත් එම වාර්තා වල ද මෙම වංචාව මගින් රජයට සිදු වූ පාඩුව මෙන්ම එම බදු අඩු කිරීමෙන් වන ප්‍රතිලාභ ජනතාවට කිසිසේත්ම නොලැබුණු බව පැහැදිළිව සඳහන් වන බවත් පාර්ළිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
තමන් ඉදිරිපත් කළ කරුණු සහ වාර්තා නිවැරදි බව සහ ඒ පිළිබඳව විමර්ෂණයක් සිදුවිය යුතු බව ඔවුන් පිළිගත් බවත් ඒ සියල්ල ලේඛණගත වෙමින් ඔවුන් එය අදාල අංශ වලට වාර්තා කරණු ඇති බවත් ඔහු පවසා සිටියේය.
සියල්ල ලේඛණගත වී ඇති බැවින් මේ රජය යටතේ විමර්ෂණ සිදු නොවුනහොත් තම රජයක් යටතේ එම විමර්ෂණ ඉදිරියට ගෙන යන බවත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...